දකුණු කොරියාවේ බැටරි කම්හලක ගින්නෙන් 16 ක් මරුට : පිරිසක් අතුරුදන්

167

දකුණු කොරියාවේ ලිතියම් බැටරි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 16 දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබේ. එයාසෙල් කර්මාන්ත ශාලාවේ මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ (24දා) පෙරවරුවේය. ගින්න ඇති වන අවස්ථාවේ සේවකයන් සියයක් පමණ එහි සේවය කරමින් සිට ඇත.

ගින්න හටගත් කර්මාන්ත ශාලාව පිහිටි නගරයේ බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් මාලාවක් නිකුත් කරන ලද අතර, ගින්නෙන් ඇති වන දුමාරය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, ජනෙල් වසා ගන්නා ලෙසත් මහජනතාවට උපදෙස් දී තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment