දකුණු යුරෝපයට දැඩි උණුසුම් කාලගුණයක්

129

ඉතාලියේ හා ස්පාඤ්ඤයේ හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති අතර දකුණු දිග ඉතාලියේ ලැව් ගිනි හටගැනීමටද මෙය හේතු වී තිබේ. ඉතාලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 දක්වා ඉහළ ගොස් ඇති අතර රෝමය අධික උණුසුමෙන් තැම්බෙන තත්ත්වයක් හටගෙන ඇති බව බලධාරීහු පවසති.

 පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ෆ්ලොරන්ස් හා බොලොග්නා යන ඉතාලි නගරවලට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. පරිසර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දැනටමත් යුරෝපා රටවල් වන තුර්කියේ හා ග‍්‍රීසියේ මෙන්ම අප‍්‍රිකානු රටක් වන ඇල්ජීරියාවේ දරුණු ලැව් ගිනි හට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment