දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සංචාරය

66

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්…

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා 13දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගයීමට ලක් විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලි චංග්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙමින්…

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සංචාරය

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡා පැවැති අතර මෙහි දී පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඩොනල්ඩ් ලූ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්…

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සංචාරය

දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් 13දා පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මියද සහභාගි වූවාය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment