දත් බඳින ස්ථානය (උපාසක මොඞ්ල් එක සහ දාමරික මොඞ්ල් එක)

320

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ ගිය මාසයේ අන්තිමට එම තනතුරින් ඉල්ලා අස්විය. එම අධිකාරිය තිබෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේය. මෙහි ඇමැති කැපුවත් නිල් පාට ලේ එන පිරිසිදු ශ‍්‍රී ලංකාකාරයකු වූ දකුණේ රිචඞ් පතිරණ ගේ පුතා වූ රමේෂ් පතිරණය. ඔහු වෛද්‍යවරයෙකි. මෙම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති කැපුවත් නිල් පාට ලේ එන පිරිසිදු ශ‍්‍රී ලංකාකාරයකුව සිට පසුව පොහොට්ටුවට ගිය මහීපාල හේරත් ගේ පුතා වන කනක හේරත් ය. මහින්ද විදානපතිරණ ඉල්ලා අස්වීමට එක් හේතුවක්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ඔහුට හැමවිටම කුණුහරුපෙන් බැණ වැදීම ලූ. මේ කතාව ඇත්තක් ද නැද්ද යන්න අපි නොදනිමු. මේ කතාව ඇත්ත නම් කනක හේරත් ගේ දත් හතරක් කැඩෙන ලෙස හොක්කට ඇන එලියට බැසීමට බැරිවීම ගැන මහින්ද විදානපතිරණ ලජ්ජා විය යුතුය. එයට හේතුව තමාට කුණුහරුපෙන් බණින දේශපාලනඥයකුට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට තරම් කොන්දක් විදානපතිරණ ට නොතිබීමය. සමහරවිට විදානපතිරණ ඒ වෙලාවේදී කනක හේරත්ට අත ඉස්සුවානම් මේ වනවිට විදානපතිරණට අත්දෙකත් කකුල් දෙකත් යන හතරම අහිමි වන්නට ඉඩ තිබිණ. විදානපතිරණ අපගේ නෑයෙක් නොවේ. ඔහු උස ද මිටි ද, කෙට්ටු ද මහත ද යන්නවත් අපි නොදනිමු. කෙසේ වුවද අප මෙය ලියන මොහොතේත් කල්පනා කරන්නේ කනක හේරත් එවැනි දාමරික අපතයකු නොවන බවය. එහෙත් 1977 න් පසු ඇති වූ දේශපාලන සංස්කෘතියට අනුව උපාසක මොඞ්ල් එකට වඩා දාමරික මොඞ්ල් එක ප‍්‍රියකළ දේශපාලනඥයෝ බිහිවූහ. උදාහරණයක් ලෙස ජේ. ආර්. ජයවර්ධන ගේ වම් කකුලේ චූටි ඇඟිල්ලේ නියපොත්තක් වැනි පොල්ගහවෙල සුනිල් රංජන් ජයකොඩි ඉතා ප‍්‍රචණ්ඩ මන්ත‍්‍රීවරයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්විය. 2015 ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති කෙනකු වූ මර්වින් සිල්වා

කිරිබත්ගොඩදී සමෘද්ධි නිලධාරියකු ගස් බැන්දේය. ඒ වෙලාවේදී එතනට රැුස්වූ පිරිස අතරින් කොන්ද පණ ඇති දෙදෙනකු ඉදිරිපත් වී මර්වින් සිල්වා උස්සා පොළවේ ගැසුවේ නම් ප‍්‍රශ්න බොහොමයක් නිමාවට පත්වීමට ඉඩ තිබිණ. දේශපාලනඥයන්ගේ ප‍්‍රචණ්ඩත්වයට, ප‍්‍රචණ්ඩත්වයෙන්ම උත්තර දිය යුතු බව කීමෙන් අප උත්සාහ කරන්නේ ත‍්‍රාඩ සමාජයක් බිහි කිරීමට අවශ්‍ය දාමරික මතවාදය සමාජගත කිරීමට නොවේ. හැබැයි මේ රාජ්‍යය විසින් ප‍්‍රභාකරන් ගේ ප‍්‍රචණ්ඩත්වය විනාශ කරන ලද්දේ ප‍්‍රචණ්ඩත්වය මගින්මය. ත‍්‍රස්තවාදී සමාජයක් තුළ උණ්ඩයට උණ්ඩයෙන්ම උත්තර බැඳිය හැකි නමුදු සිවිල් සමාජය තුළ එසේ කළ නොහැකි බව අපි දනිමු. ඒ නිසා තමන් කෙරෙහි ප‍්‍රචණ්ඩත්වය මුදා හරින දේශපාලනඥයාට සමාන්තර උත්තරයක් ලබාදීම ප‍්‍රමාණවත්ය. උදාහරණයක් වශයෙන් මර්වින් සිල්වා පොළවේ ගැසීමේදී ඔහුගේ කොන්ද නොකැඩෙන පරිදි තණ කොළ බිස්සක් මතට ඔහු හෙළිය හැකිය. තමන්ට කුණුහරුපයෙන් බනින දේශපාලනඥයාගේ දත් කඩන විට එම ගණන දත් හතර නොඉක්මවිය යුතුය. කැඩුණු දත් වෙනුවට අලූත් දත් හයිකරන චීන දත් බඳින්නෝ අදත් මරදානේ සිටිති. එයින් දෙදෙනකු සිටින්නේ මරදානේ ඞීන්ස් පාරේය. තව දෙදෙනකු සිටින්නේ මරදානේ ටවර් රඟහල පසුකර ඉදිරියට යන විටය. මේ සියලූ කරුණු අතර කනක හේරත්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිට කුණුහරුපයෙන් බැන්න බව අපි තවමත් විශ්වාස නොකරමු.

කෙසේ හෝ වේවා තමාට අවනත නොවන රාජ්‍ය නිලධාරියා සමග දේශපාලනඥයා නිතර ගැටෙයි. එසේම දේශපාලනඥයාට හැමවිටම අවනත වන රාජ්‍ය නිලධාරීන්ට හිරේ යෑමටද සිදුවේ. 2015 ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් තීරණ ක‍්‍රියාත්මක කළ නිලධාරීන් යහපාලන ආණ්ඩු කාලයේදී පමණක් නොව මේ ආණ්ඩුව යටතේත් රිමාන්ඞ් හිර ගෙදර සැප අත්දුටුවාහ. මේ මගින් කීමට අප උත්සාහ කරන්නේ දේශපාලනඥයන්ගේ සාධනීය තීරණ වලට නිලධාරීන් විරුද්ධ විය යුතු බව නොවේ. නිලධාරිවාදය දේශපාලන අධිකාරියට වඩා භයානක ය. සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ගේ තීරණ හොර රහසේ ලිස්සා යවා ඒවා ක‍්‍රියාත්මක කිරීමෙන් වළකින නිලධාරීහුද සිටිති. මේවායින් සමහරක් දේශපාලන කොන්ත‍්‍රාත්ය. එනම් ් පක්ෂයේ දේශපාලනඥයාට, ඊ පක්ෂයේ නිලධාරියා කැමති නැත. ඒ නිසා ් ගේ දේශපාලන තීරණ කඩාකප්පල් කරන ඊ, ් ගේ දේශපාලන ජනප‍්‍රියත්වය විනාශ කරයි. සමහරු මේ රේස් එක පමණ ඉක්මවා දුවති. කළු පුතා සහ සුදු පුතා ලෙස හැඳින්වෙන එස් එස් පී ලා දෙදෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිති. එම දෙපාර්තමේන්තුවේ සේවක මාරු කිරීම් වැඩි හරියක් තිබුණේ මේ පුතාලා දෙදෙනා අතය. කෙළින තරමක් පිස්සු කෙළිය ඔවුහු දේශපාලන කොන්ත‍්‍රාත් යහමින් කළහ. ඔවුහු නිතරම කුඩයක් අතින් ගෙන විෂය භාර ඇමැතිතුමාගේ වම් කනින් රිංගා දකුණු කනෙන් එළියට ආ අතර, කන් දෙක අතර තිබෙන දුර්ග මාර්ගය තුළින් ගමන් කළේ කුඩෙත් ඉහලාගෙනය. හැබැයි ඒ ගැන නිකමටවත් ඇමැතිට දැනුනේ නැත. පසුගියදා ඇමැති කන කසන විට කනෙන් කුඩයක් එළියට ආ බැවින් මේ පුතාලා දෙන්නා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනත් අංශ වලට මාරු කරන ලදී. සමහරවිට ඊළඟ ආණ්ඩුවේදී කළු පුතා සහ සුදු පුතා නැවතත් පොලිසිය සියතට ගැනීමටත්, තමන්ට මාරුවීම් ලබාදුන් පොලිස් ඇමැති හිරේ විලංගුවේ ලෑමටත් ඉඩ තිබේ. මේ නිසා දේශපාලන අධිකාරිය සහ නිලධාරී පැලැන්තිය යන දෙක බැලන්ස් ගමනක් යා යුතුය. දේශපාලන අධිකාරිය පමණ ඉක්මවා බලවත් වුණොත් ලිබියාවට වූ විපත සිදුවෙයි. නිලධාරී පැලැන්තිය පමණ ඉක්මවා ඉහළ ගියොත් නිලධාරිවාදය බිහිවූ එක්සත් සෝවියට් සමූහාණ්ඩුවට සිදුවූ විපත සිදුවෙයි. සෝවියට් සංගමය බිඳ වැටුණේ එරට කොමියුනිස්ට් ක‍්‍රමය තුළ තිබූ නිලධාරිවාදය විශාල වශයෙන් ඉදිමෙන්නට පටන් ගත් නිසාය. අවසාන ඵලය වූයේ නිලධාරිවාදයෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනයා, සෝවියට් දේශය කැබලි වලට කැඩෙන තුරු ඔහේ බලා සිටීමය……

(සමාප්තයි)

advertistmentadvertistment
advertistmentadvertistment