දඹගල්ල පොලිස් වසමේ කොරඹ-පල්ලේබැද්ද ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු දාහතරයි මාස එකක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු පෙරේදා (29) දඹගල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය තරුණයා ඇයව කොරඹ ප‍්‍රදේශයේ වගා බිමකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර සිදුකර ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර සැකකරු සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
දඹගල්ල පොලිස් ස්ථානාධිපති එච්.ජී.එස් ජයවීර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක