දඹුල්ල උපරිම ට්‍රයි කරයි

111

මෙවර එල්.පී.එල්. තරගාවලියේ අවසන් වටයට දඹුල්ල අවුරා කණ්ඩායම ආව එකම ලොකු ජයග්‍රහණයක්. අනිවාර්යයෙන්ම අපි කප් එක ගන්න උපරිමයෙන් ෆයිට් කරනවා යැයි දඹුල්ල අවුරා කණ්ඩායමේ ප්‍රධාන අධ්‍යක්‍ෂ සුපිරි ක්‍රිකට් තරුව සනත් ජයසූරිය මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

අද (20 දා) පැවැත්වෙන එල්.පී.එල්. අවසන් සටන පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය මෙසේද කීවේය.

අපි ලොකු ප්ලෑන් එකකට මුල ඉඳලම ක්‍රීඩා කළා. හැම ක්‍රීඩකයෙක්ම තමුන්ගේ වගකීම උපරිමයෙන් කළා. ෆයිනල් ආව එකම අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.

ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අවුරා කණ්ඩායමේ හිමිකරු විරංජිත් තාඹුගල මහතා අපට සම්පූර්ණ නිදහස ලබා දුන්නා මේ තරගාවලියට මුහුණ දෙන්න.

ඒක අපට ලොකු හයියක් වුණා. අපේ ප්ලෑන්වලට අපි ක්‍රීඩා කරන විදිහට කිසිම බලපෑමක් ඇඟිලි ගැසීමක් කරන්න ආවේ නැහැ. මං හිතන්නේ ඒක තමයි අපි මේ ජයග්‍රහණය ලැබීමට ලොකුම හේතුව.

ක්‍රීඩක වෙන්දේසියේදී අපි හොඳ ක්‍රීඩකයෝ තෝරාගත්තා. අපි තෝරගත්ත හැම ක්‍රීඩකයෙක්ම හොඳට සෙල්ලං කළා.

අවසන් තරගයට මුහුණ දෙන්න හැම ක්‍රීඩකයෙක්ම හොඳ මානසික මට්ටමකින් ඉන්නවා. ඒ අයට අනවශ්‍ය පීඩනයක් දෙන්නෙ නැහැ යැයි අවුරා කණ්ඩායමේ ප්‍රධාන අධ්‍යක්‍ෂ සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment