දඹුල්ල පළමු ජය ලබයි: කොළඹ මහනුවරට පරදී නුවනිඳුගෙන් තවත් ශතකයක්

108

කි‍්‍රයාත්මක ඩයලොග් නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පිට පිටම ලැබූ පරාජයන් 6කට පසු පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත්විය. එ් තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් ගාල්ල කණ්ඩායම සමග පැවැති තරගය කඩුලූ 5කින් ජය ගනිමිනි.

දඹුල්ල කී‍්‍රඩාංගණයේ පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දු වාර 33.4කදී සියලූ දෙනා දැවී ලකුණු 125කට සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී එ් සඳහා වැඩි කාර්යභාරයක් ඉටුකළ දුවිඳු තිලකරත්න සිය පන්දුවාර 10 තුළදී නිලකුණු පන්දු වාර 2ක් සමගින් ලකුණු 21කට ගාල්ල ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීමට සමත් විය. අශාන් පි‍්‍රයන්ජන් ලකුණු 10කට කඩුලූ 2ක් බිඳ දැමීය.

ලකුණු 126ක පහසු ඉලක්කයක් හඹා ගිය දඹුල්ල පිතිකරුවෝ පන්දු වාර 24.5කදී කඩුලූ 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය. අශාන් පි‍්‍රයන්ජන් සහ දුෂාන් හේමන්ත පිළිවෙළින් නොදැවී ලකුණු 26 සහ 28 බැගින් වාර්තා කළේය.

මේ අතර ඊයේ පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම කඩුලූ 6කින් පරාජයට පත් කිරීමට සමත් වූ මහනුවර කණ්ඩායම තවදුරටත් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය වෙන්කර ගැනීමට සමත්විය.

මහනුවර පල්ලකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැති එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලූ දෙනා දැවී ලකුණු 271ක අභියෝගයක් මහනුවර කණ්ඩායමට එල්ල කළේය.

කොළඹ ඉනිම ශක්තිමත් කළ නුවනිදු ප‍්‍රනාන්දු මෙම තරගාවලියේ තමන් විසින් රැුස් කළ දෙවැනි ශතකයට හිමිකම් කීමට ඊයේ සමත්විය. පන්දු 133කදී ලකුණු 112ක් රැුස් කළ නුවනි`දු එම ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක්ද ඇතුළත් කළේය.

ෂම්මු අෂාන් පන්දු 70කදී ලකුණු 62ක් කොළඹට එක් කරද්දී පුලින තරංග ලකුණු 66කට කොළඹ ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමීය.

ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය මහනුවර පිතිකරුවෝ එම ඉලක්කය පන්දු වාර 48.5කදී කඩුලූ 4ක් පමණක් දැවී පසුකර ගියේය. ඕෂධ ප‍්‍රනාන්දු පන්දු 94කදී හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 85ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 64ක් වාර්තා කළේය.

ලකුණු සාරාංශය

ගාල්ල – දඹුල්ල

ගාල්ල පන්දු වාර 33.4කදී සියලූ දෙනා දැවී ලකුණු 125යි (හිමාෂ ලියනගේ 29, පි‍්‍රයමාල් පෙරේරා 16, දුවිඳු තිලකරත්න 21/4, අශාන් පි‍්‍රයන්ජන් 10/2)

දඹුල්ල පන්දු වාර 24.5කදී කඩුලූ 5ක් දැවී ලකුණු 126යි (සමීර සඳමාල් (නොදැවී) 26, දුෂාන් හේමන්ත (නොදැවී) 28, අශාන් පි‍්‍රයන්ජන් 31, අකිල ධනංජය 18/1, ධනංජය ලක්ෂාන් 16/1,)

කොළඹ – මහනුවර

කොළඹ පන්දු වාර 49.3කදී සියලූ දෙනා දැවී ලකුණු 271යි (නුවනි`දු ප‍්‍රනාන්දු 112, ෂම්මු අශාන් 62, දිමුත් කරුණාරත්න 29, අශේන් බණ්ඩාර 20, අසිත ප‍්‍රනාන්දු 41/3, පුලින තරංග 66/3)

මහනුවර පන්දු වාර 48.5කදී කඩුලූ 4ක් දැවී ලකුණු 272යි (ළහිරු උදාර 34, කවීන් බණ්ඩාර 25, ඕෂධ ප‍්‍රනාන්දු (නොදැවී) 85, සහන් ආරච්චිගේ 64, ළහිරු මදුසංක 34/2)
කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment