ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා එම පක්‍ෂයේ ඡායාරූප ශිල්පියාට මරණීය තර්ජනය කරමින් අසැබි අන්දමින් බැන වැදීමේ සිද්ධිය පිළිබඳව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (25දා) නියෝග කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව ‘දිවයින’ කළ කරුණු විමසීමක දී හෙතෙම කියා සිටියේ කථානායකවරයාගේ අවසරය ලැබුණු මොහොතේම දයාසිරි ජයසේකර මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවය.
දයාසිරි ජයසේකර මහතා තමාට අසැබි අන්දමින් බැනවැදී මරණීය තර්ජනයක් සිදුකළ බව කියමින් ශ්‍රීලනිපයේ ඡායාරූප ශිල්පියකු කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි.
නෝමන් පලිහවඩන