අධික වේගයකින් හමා යන සුළං සහිත දරුණු කුණාටුවක් වන ‘හෙලෙන්’ කුණාටුව ඊයේ (26දා) දිනයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැටීමට නියමිතව තිබූ අතර එම කුණාටුව හේතුවෙන් මුහුදු රළ අඩි 20ක් පමණ උසට නගිනු ඇති බව ඇමෙරිකානු කාලගුණ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ.
පසුගිය ශත වර්ෂයේ මෙක්සිකානු බොක්කේ වර්ධනය වූ විශාලතම කුණාටුව සේ සැළකෙන හෙලේන් කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු වනු ඇති බවට අනාවැකි පළ වී තිබේ.