ප‍්‍රශ්නය – කාන්තාවක් ගැබ් ගැන්වීම සඳහා ආයුර්වේදය සතුව ඇති දැනුම සහ ක‍්‍රමවේද අප පසුගිය සති කිහිපයේ සාකච්ඡා කළා. කාන්තාවන්ගේ දරුඵල ප‍්‍රමාද වීමට හේතුව කුමක්ද?
වෛද්‍ය කෞමදි කරුණාගොඩ – දරුඵල ප‍්‍රමාදයට කාන්තාවගේ දුර්වලතාවක් වගේම පුරුෂයාගේ දුර්වලත්වයත් බලපානවා. කාන්තාවන්ගේ ඩිම්බ ආශ‍්‍රිත හේතු, වියපත්භාවය, මුත‍්‍රවාහිනියේ හටගන්නා දෝෂ, අන්තෝමාතෘක දාහය (Endometriosis)ආර්තව හෙවත් ඔසප් වීමට අදාළ ගැටලූ මානසික ප‍්‍රශ්න, ආහාර, ශරීරයට දරාගන්නට බැරි තරම් ව්‍යායාම කිරීම, ජීවත්වන ක‍්‍රමය, ඉතා ඉක්මනින් හැඟීම්බර වී කම්පනයට පත්වීම යන කාරණා බලපානවා.මෙහෙම වුණාම ශරීරයේ ත‍්‍රිදෝෂ එනම් වාත, පිත, කඵ කියන තත්ත්වයන් කුපිත වෙනවා.
ප‍්‍රශ්නය – ඔබ මෙහිදී වැදගත් සාධකයක් මතු කළා .ඒ තමයි මානසික ප‍්‍රශ්න සහ හැඟීම්බර වීම යන කාරණා.
වෙද්‍ය කෞමදි කරුණාගොඩ – ඔබ දන්නවා නූතන ලෝකය හරිම කාර්යබහුල තැනක්. ඒ වගේම හැඟීම්බර තැනක්. බිරියට දරුවකු පිළිසිඳ ගැනීම ප‍්‍රමාද වුණාම සැමියා නැන්දම්මා, නෑනලා පමණක් නොව අහල පහල අය පවා ඇයට මානසික වධ බන්ධන දෙන්නට පටන් ගන්නවා. මේ නිසා ඇගේ මනස නිතර සසලව තිබෙන අතර ගැබ් ගැනීම තව ප‍්‍රමාද වෙනවා. එවිට ඇයට තව තවත් පීඩා ලැබෙනවා. එතකොට ගැබ් ගැනීම තවත් ප‍්‍රමාද වෙනවා. මේක ලංකාව සහ ඉන්දියාව වැනි රටවල තිබෙන නොදියුණු තත්ත්වයක්.
ප‍්‍රශ්නය – දරුඵල අප‍්‍රමාදව ලබාගැනීම සඳහා ආයුර්වේදයෙන් ලබාගත හැකි සහනය කුමක්ද?
වෛද්‍ය කෞමදි කරුණාගොඩ – ආයුර්වේදය මගින් කරන්නේ අපේ ශරීරය තුළ ස්වාභාවිකවම තිබෙන ප‍්‍රතිශක්තිකරණය සමතුලිතභාවය වර්ධනය කිරීමයි. එවිට රෝග සුවපත් කරගන්නට ශරීරයට පුළුවන්. නව්‍ය විද්‍යාවේ තිබෙන හෝමෝන වෙනස්කම් ඇති කිරීම හෝ ශරීරයට හෝමෝන එන්නත් කිරීම වැනි දේවල් ආයුර්වේදය මගින් අනුමත කරන්නේ නැහැ.
ප‍්‍රශ්නය – දරුඵල ලබාගැනීම සඳහා ආයුර්වේදය මගින් ප‍්‍රතිකාර කරන්නේ කොහොමද?
වෛද්‍ය කෞමදි කරුණාගොඩ – කාන්තාවක් තුළ දරු සාඵල්‍යතාව ඇති කිරීම සඳහා ප‍්‍රධාන මූලධර්ම හතරක් මත ප‍්‍රතිකාර කිරීම සිදුවෙනවා. අග්නි දීපන සහ ආම පාචන” වාතානුලෝමන, සෝධක යනාදිය එම මූලධර්ම ලෙස සැලකෙනවා.
නොමිලේ විස්තර සඳහා
0777620948