දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ගෙනදෙන රෝගාබාධ

128

සෑම ළමයකුට ම තමාට අදාළ දක්ෂතාවයක් තිබේ. එය තේරුම්ගෙන එම හැකියාව වැඩි දියුණු කිරීමට සුදුසු ක‍්‍රමවේදයක් තිබිය යුතුය. දරුවට තේරුම් ගතහැකි පරිදි  ඉගැන්විය යුතුය

 දෙමවුපියන්ගේ බලාපොරොත්තුව තම දරුවා පාසලේදී හොඳ අධ්‍යාපනයක් හදාරා හොඳ රැකියාවක් ලබා සුවපහසු අනාගතයක් ගතකරනු දැකීමය. පාසලේ දී දරුවට කියවීම, ලිවීම සහ ගණිතය වැනිදේ ඉගැන්වීමට මහත් වෙහෙසක් දරයි. විද්‍යාව සහ සමාජ අධ්‍යයනය වැනි විෂයන් ද කියා දෙයි. මෑතක සිට තොරතුරු තාක්‍ෂණය ද උගන්වයි. බොහෝ දරුවන් මේ අධ්‍යාපන ක‍්‍රමයෙන් ප‍්‍රයෝජන ගැනීමට හැකියාවක් දක්වයි. එහෙත් සමහර දරුවන්ට තම වයසේ ඇති අනිකුත් දරුවන්සේම පන්ති කාරමය තුළ අධ්‍යාපනය හැදෑරීමට නොහැකි බව පෙනී යයි. එයට හේතුව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහ ආබාධ විය හැක. (Special Educational Needs and Disabilites). එය ‘SEND’ තත්ත්වය ලෙස ද හඳුන්වයි.

 ඉගෙනීමට ඇති අපහසුතාවය යනු ලිවීමට, කියවීමට සහ ගණිතයට ඇති අපහසුතාවය පමණක්ම නොව, කතා කිරීමට ඇවිදීමට සහ තමාගේ එදිනෙදා වැඩකටයුතු කිරීමට නොහැකි බවත් මේ අතර වේ. සමාජය සමග නිසි අන්තර් සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වීම ද මේ අතර දැකගත හැකිය.

 මෙයට හේතුවන කරුණු කිහිපයක් මෙසේය.

 * උපත් සංකූලතා සහ මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy)  * නොමේරූ දරු උපත් (Premature Birth) x වලිප්පුව සහ අපස්මාරය x මොළයට විෂබීජ ඇතුළු වීම (Meningitis) x විවිධ චර්යා රෝග, මේ අතර ඔටිසම් ස්පෙක්ට‍්‍රම් ඩිසෝඩ  (ASD), අධි ක‍්‍රියාකාරීත්වය, අවධානය අඩු බව (ADHD) වැඩිහිටියන්ට නිතර අකීකරු වීම (Oppositional Defient Disorder) සහ පාසල් වෙලාව මඟහැර පැන යෑම .”Trauncy” ආදිය දැක්විය හැකිය.

 x ලිවීමට, කියවීමට සහ අක්ෂර වින්‍යාසයට ඇති නොහැකියාව (Dyslexia) x ගණිතයට ඇති දුර්වලතාවය (Dyscalculia) x මන්ද බුද්ධික භාවය x ජානමය ආබාධ (Genetic Disorders) x නොයෙකුත් සින්ඩ්‍රෝමයන්ගෙන් පෙළෙන දරුවන් ඇත. ඒ අයට ආවේණික වූ විශේෂ ශරීර ලක්‍ෂණ ඇත. සුලබව දැකිය හැක්කේ ඩවුන් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන දරුවන්ය. එය ට‍්‍රායිසොමි – 21  (Trisomy -21) යන නමින්ද හඳුන්වයි. x තයිරොක්සින් හෝමෝන ඌනතාවය, යකඩ ඌනතාවය සහ විටමින් ඌනතාවය

 x ශ‍්‍රවණ සහ දෘෂ්ටි ආබාධ මෙම සෞඛ්‍ය ගැටලූ කලින්ම හඳුනාගෙන කලින්ම ප‍්‍රතිකාර ලබාදුන් විට සංකූලතා අවමකොට හොඳ ප‍්‍රතිඵල ලබාගත හැක. ඒ සඳහා පමා නොවී දරුවන් ළමා රෝග විශේෂඥ වෛiවරුන් වෙත යොමු කළ යුතුය.

 ළමා රෝග විශේෂඥ සායනය

 ළමා රෝග විශේෂඥ සායනයේදී දරුවාගේ උපත් විස්තරත් ඉපදීමට පෙර මවගේ ගර්භිණී කාලයේදී විස්තරත් උපතට පසු රෝග විස්තරත් අසා දැන ගනු ලැබේ. පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් විමසයි. දරුවා පරීක්‍ෂා කොට දරුවාගේ ශරීර ලක්‍ෂණ සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ නිරෝගී බව සොයා බලයි. මානසික සෞඛ්‍ය ගැන ද දැන ගනියි. රුධිර පරීක්‍ෂණ සහ ස්කෑන් පරීක්‍ෂණ අවශ්‍ය පරිදි ඉටු කරයි. රුධිර පරීක්‍ෂණ අතර තයිරොයිඞ් හෝමෝන සහ රතු රුධිර ෙසෙලද හිමොග්ලොබින් ප‍්‍රමාණයද ගැන වැඩි අවධානයක් යොමු කරයි.

 වලිප්පුව සහිත දරුවන් ස්නායු සායනය වෙත ද ශ‍්‍රවණ ආබාධ ඇත්නම් උගුර කන නාසය  (ENT) සායනයට ද අස්ථි සම්බන්ධ ප‍්‍රශ්න ඇත්නම් අස්ථි සායනය  (Orthopaedic clinic) වෙත ද පෙනීම දුර්වල වූ විට අක්ෂි සායනය වෙතද යොමු කෙරේ.

 ඔටිසම් තත්ත්වය, අධික‍්‍රියාකාරී බව, අදහස් හුවමාරු කිරීමේ සහ කතා කිරීමේ අපහසුතා, ඇවිදීමට සහ ඇ`ගිලි හසුරවීමට නොහැකි වූ විට බහුවිධ චිකිත්සක කණ්ඩායම් සහිත සායන වෙත යොමු කෙරේ.

 භාෂා සහ කථන චිකිත්සක දරුවාගේ කතා කිරීම සහ අදහස් හුවමාරු කිරීමේ හැකියාව දියුණු කිරීමට අවශ්‍ය උපදෙස් දෙයි. තොලට දිවට සහ කම්මුලට අවශ්‍ය කරන ව්‍යායාම් කියා දෙයි. (Oro-motor exercises) ආහාර ගැනීමට අපහසුතා ඇත්නම් අවශ්‍ය විසඳුම් ලබාදෙයි.

 වෘත්තීය චිකිත්සක දරුවාගේ ඇ`ගිලි සහ අත් නිසි පරිදි ක‍්‍රියා කිරීමට අවශ්‍ය ව්‍යායාම් සහ ක‍්‍රියාකාරකම් ගැන උපදෙස් දෙයි. භෞත චිකිත්සක දරුවාගේ හිස සහ සිරුර ද පාද ද නිසි අයුරින් පවත්වා ගැනීමටත් ඇවිදීමටත් අවශ්‍ය ව්‍යායාම් සඳහා නිසි උපදෙස් ලබාදෙයි. ළමා මනෝ රෝග විශේෂඥ වෛiවරුන් ද ළමා මනෝ විද්‍යාඥයන් ද මනෝ වෛi උපදේශකයන් ද දරුවාගේ මානසික සෞඛ්‍ය ගැන පරීක්‍ෂාකොට අවශ්‍ය උපදෙස් ලබා දෙයි.

 කලාතුරකින් අවශ්‍ය ඖෂධ ලබාදෙයි. බුද්ධි මට්ටම ගැන අධ්‍යයනය කරයි. බුද්ධිය වර්ධනය කිරීමට අවශ්‍ය මානසික ක‍්‍රියාකාරකම් ගැන උපදෙස් දෙයි. නොයෙකුත් චර්යා රෝගයන් අවම කිරීමට අවශ්‍ය චිකිත්සාවන් ලබාදෙයි.

 පාසල් පද්ධතිය තුළ ඇති පහසුකම්

 ඉගෙනීමට අපහසුතා ඇති දරුවන්ට සහාය දැක්වීමට ක‍්‍රමවේද හතරක් පාසල් පද්ධතිය තුළ ක‍්‍රියාත්මක වේ. ඉගෙනීමට අපහසුකම් ඇති ළමුන් පමණක් ඉගෙනුම ලබන පාසල් සාමාන්‍ය පාසලක මේ ළමුන් සඳහා විශේෂ පන්ති කාමර තිබීම සාමාන්‍ය පාසලක සාමාන්‍ය පන්තියක මේ දරුවන් අන්තර්ගත කොට ඔවුන්ට ඉගැන්වීමට විශේෂයෙන් පුහුණුව ලද අමතර ආචාර්යවරයකු සිටීම.

 සාමාන්‍ය පාසලක සාමාන්‍ය පන්තියක ඉගනුම ලබන අතර සමහර කාල පරිච්ෙඡ්දයන්හි පමණක් විශේෂ අධ්‍යාපන සහය ලබා ගතහැකි පන්ති කාමර තිබීම.

 දරුවන් සඳහා කළ යුතු දෙය

 සෑම ළමයකුට ම තමාට අදාළ දක්ෂතාවයක් තිබේ. එය තේරුම්ගෙන එම හැකියාව වැඩි දියුණු කිරීමට සුදුසු ක‍්‍රමවේදයක් තිබිය යුතුය. දරුවට තේරුම් ගතහැකි පරිදි ඉගැන්විය යුතුය.

 (Individualised teaching methods)

 සමහර දරුවන්ට හොඳින් තේරුම් යන්නේ ඇසෙන දෙය වන අතර සමහර අය දකින දෙය හොඳින් තේරුම් ගනියි. තවත් සමහර දරුවන්ට තේරුම්කර දීමට ‘‘බහු සංවේදන ක‍්‍රම’’ භාවිත කළ යුතුය.
 (Multi sensory Approach) එනම් ශ‍්‍රවණය, දෘෂ්ටිය, ස්පර්ශය සහ ක‍්‍රියාකාරකම් උපයෝගී

 කරගෙන ඉගැන්වීමයි. ගණිතයට, කියවීමට සහ ලිවීමට අදක්ෂ සමහර දරුවන් නැටීමට, වැයීමට, ගැයීමට, මැසීමට, චිත‍්‍ර ඇඳීමට ද ඉවුම් පිහුම් ආදියට ද දක්ෂතාවයන් දක්වයි.

 තවත් අය වගාවට දක්ෂයි. මේ දක්ෂතාවයන් දියුණු කිරීමට අවශ්‍ය සුදුසු පරිසරයක් නිවසේදී ද පාසලේදී ද සමාජයේදී ද පැවැතිය යුතුය.

 එවිට සෑම දරුවකුම තමාටත් සමාජයටත් ප‍්‍රයෝජනවත් පුරවැසියකු වනු ඇත.

දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ගෙනදෙන රෝගාබාධ



 ළමා රෝග විශේෂඥ වෛද්‍ය
 රෝෂිණී කරුණානායක
 ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහල

advertistmentadvertistment
advertistmentadvertistment