දරුවන් ගැන මාපියන්ගේ සැලකිල්ල අඩුවීමෙන් ළමා අපයෝජන වැඩිවෙලා

167

මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

මේ රටේ ළමා අපයෝජන වැඩිවීමට හේතුව දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අඩු සැලකිලිමත් භාවය බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.

දරුවකු අපයෝජනයට ලක්වීම කායික, මානසික හා ලිංගික යන ආකාර තුනකින් සිදුවන බවත් මේ දිනවල වාර්තා වන තොරතුරුවලට අනුව දරුවන් වැඩි වශයෙන් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත් හෙතෙම කීය.

මෙලෙස අපයෝජනයට ලක්වන දරුවන්ගේ සමාජ පසුබිම සලකා බැලීමේදී එවැනි පවුල්වල දෙමාපියන් විදේශගතවී ඇති බව හෝ දෙමාපියන් ළඟ සිටියද ඔවුන්ගේ නිසි අවධානයක්, අවබෝධයක් සහ ආරක්‍ෂාවක් නොලැබීම හෝ හේතුවන බව ද වෛi රූමි රූබන් මහතා කීය.

ඕනෑම වයසක තැනැත්තකු ලිංගික අපයෝජන සිදුකිරීමට පෙළඹෙන අතර විවිධ මනෝ ලිංගික ගැටලු, අධි ලිංගික ආශාවන්, ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකි වීම මෙවැනි අපයෝජන සිදු කිරීමට හේතුවන බව ද විවිධ උපක්‍රම බියවැද්දීම් මගින් මේ සඳහා පොළඹවා ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලලිත් චාමින්ද-ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment