දරුවන් යළි අද සිට පාසල් බිම හැඩ කරාවි – අධ්‍යාපන ඇමැති දිනේෂ්

49

පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බවත් ඒ සතුට රැුගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් අද නැවතත් පාසල් බිම හැඩකරනු ඇති බවත් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අදින් ඇරැුඹෙන නව පාසල් වාරය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කලකින් නුදුටු සිසු දරු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දකින්නට ගුරු පියවරුන් ගුරු මෑණිවරුන් අද දිනයේ පාසල් එනු ඇතැයි ද හෙතෙම කීය. අධ්‍යාපනය යනු ජාතියේ අනාගතය හා ජාතියේ දියුණුවේ ශක්තියද එය ලබාදෙන ගුරුවරයාගේ වැටුප් වැඩිවීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා මැදිහත් විශ්වාසනීය විසඳුමක් ඉදිරිපත් කර ඇති බවත් දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පැවසීය.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා විසිරී සිටින පාසල් දරුවන් හා ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත් දැයේ දුවා දරුවන්ට නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් නිදහස් අධ්‍යාපන අයිතිය සැමට සුරක්ෂිත කරදීමට සැම අත්වැල් බැඳගත යුතු බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment