දිවා කාලයේ නිවසක් බිඳ රු. 2943000 ක් වටිනා මුදල්, ස්වර්ණාභරණ ඇතුළු දේපළ සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දොඩම්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි. දොඩම්ගොඩ ජාවිගොඩ පාරේ පදිංචි ප්‍රධාන පෙළේ සමාගමක අලෙවි නියෝජිතවරයෙකු වූ කඹුරාවල කංකානම්ගේ දොන් තුෂාර රණවීර (අවු. 37) යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තමා නිවසේ දොරවල් වසා බිරිඳ සමග දරුවන් පාසල්වලින් ගෙන ඒම සඳහා කලුතරට ගොස් සිටියදී නිවස සොරු බිඳ ඇති බව සේවකයෙකු දුරකථනයෙන් දැනුම් දුන් බවත්, පැමිණ බලන විට රුපියල් ලක්ෂ 1 1/2 ක මුදල්, රුපියල් අසූපන්දාහක් වටිනා ලැප්ටොප් එකක් හා ලක්ෂ 22 ක් වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ