දරුවාට බෙහෙත් නෑ’ – ජනපතිට විරුද්ධව FB  සටහනක් දැම්මාට මන්ත්‍රීගේ  මල්ලී ගෙට පැනලා ගහලා

78

ඖෂධ අලෙවි සල්වල ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවාට ඖෂධ ලබාදීමට නොහැකි වීම ගැන වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ අඹුසැමි යුවළකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එම යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇත්තේ කිරිඳිවැල, මාලිගාවිල ප්‍රදේශයේ අඹුසැමි යුවළකි.

පහරකෑමට ලක්වූ අඹුසැමි යුවළ සිය දරුවාට ඖෂධ ලබාගැනීම සඳහා නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකගේ බාල සොහොයුරා සහ තවත් පුද්ගලයකු අඹුසැමි යුවළගේ නිවසටම පැමිණ මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ අඹුසැමි යුවළ පොලිසියට පැමිණිලි කර තිබේ.

පහරකෑමට ලක්වූ අසිත සගීත් හේවාපතිරණ මහතා මෙසේ කීය.

“මගේ දරුවාට ගන්න ෆාමසිවල බෙහෙත් නැහැ. ඒ වේදනාවට මම මගේ එෆ් බී එකේ සටහනක් දැම්මා. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව. කවුරු හරි ඒකට මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාට එරෙහිව කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒකට නැවතත් කමෙන්ට් කළා. ඒකට විරුද්ධව තමා මන්ත්‍රීවරයාගේ මල්ලී සහ තවත් කෙනෙක් වාහනයකින් ඇවිත් ඊයේ (01දා) උදේ 11 ට විතර මගේ ගෙදරදීම මටයි මගේ බිරිඳටයි පහරදුන්නේ. ඒ දෙන්නා මාව බිම දාගෙන මට හොඳටම ගැහුවා. මගේ බිරිඳටත් ගැහුවා. මට ගහලා මගේ බෙල්ල මිරිකගෙන හිටියා. අහල පහල අය තමයි බේරාගත්තේ.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර
 

advertistmentadvertistment
advertistmentadvertistment