දලයි ලාමාගේ ලංකා සංචාරයට චීනය විරුද්ධයි

238

වැ. බ. චීන තානාපති මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ට දන්වයි

දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට චීනය සම්පූර්ණයෙන් විරුද්ධ බව මෙරට වැඩබලන චීන තානාපති හුවෙයි මහතා විසින් මල්වතු හා අස්ගිරි නාහිමිවරුන්ට දැනුම්දී තිබේ.

දලයි ලාමා හිමියන්ගේ සංචාරයක් සිදුවුවහොත් එය චීන – ශ්‍රී ලංකා සබඳතාවලට ඉතාම නරක ආකාරයට බලපෑ හැකි බව චීන තානාපතිවරයා අවධාරණය කර තිබේ.

මෙහිදී මල්වතු පාර්ශ්ව මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල නාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ චීනය ශ්‍රී ලංකාවට ඉතා හිතවත් රටක් බවත් වසර 1600 කට පෙර සිට මේ සබඳතා පවතින බවත්ය.

චීන – ශ්‍රී ලංකා සබඳතා පළුදු වන කිසිම කටයුත්තක් සිදු නොවන බව ද මෙහිදී නාහිමියන් අවධාරණය කර තිබේ.

චතුර පමුණුව සහ සමන්ති වීරසේකර


advertistmentadvertistment