දවස පුරා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කළේ තමන්ට වෙච්ච අලාභයන් ගැන

68

එදා වේල හොයාගන්න බැරි මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙනවා

දැඩි පීඩනය හමුවේ ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහීම නතර කරන්න බෑ
– පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

“අද හදිසි නීතිය දාගෙන මේ රටේ ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අහුරලා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය වෙනුවෙන් ඡන්දය දුන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට දාන්න කැමතිද නැද්ද කියන එකට අත ඉස්සීමක්. එසේ වළපල්ලට දාලා හරි අපේ වැඩේ කරගන්න අවස්ථාවක් දියල්ලා කියන්න

120 ක් අත ඉස්සුවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා, කඩාවැටෙන ආර්ථිකය, ජන ජීවිතය වගේම කඩාවැටිල තියෙන පක්ෂ දේශපාලනය සහ සංස්කෘතිය නැවත නඟා සිටුවන්න පුළුවන් ප්‍රවේශයක් ගන්න හදිසි නීතිය වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති සම්මත කරන්න එපා කියන්න 63 දෙනෙක් ඡන්දය දුන්නා. එහිදී 120 යි 63 යි කියන එක මේ රටේ ජනතාවට හොඳ කියවීමක් බව මෙහිදී කියනවා.

දවස පුරා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කතා කරේ තමන්ට අහිමි වෙච්ච දේවල්, තමන්ට වෙච්ච අපහසුතාවන් ගැන වගේම වෙච්ච අලාභ පෞද්ගලික අලාභ, ආර්ථික විනාශය ගැන. හැබැයි. ඇමැතිවරුන්ට අමතක වෙලා තියෙනවා තමන් මොකක්ද කරන්න ඕන, තමන්ගේ වගකීම කියන එක. රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන්ට අමතක වෙලා ඇවිත් ඉන්නේ ජනතාව නියෝජනය කරන්න බව. ඊයේ අපි දැක්කෙ නෑ ජනතාව වෙනුවෙන් නියෝජනය වුණේ 120ද? 120 බහුතරයක් කිව්වේ තමන් ගොඩනැඟෙන්නේ කොහොමද කියන ලතෝනිය දුන්නේ. තමන්ට දේපළ හානි වුණාම දුකක් වේදනාවක් තියෙනවා. හැබැයි අද ජනතාව ඉන්න තැන, ඔවුන්ට ප්‍රශ්න ඔයිට වැඩිය තියෙනවා. ජනතාවගේ දේපළ අහිමි වුණා පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක. ජනතාවට අද කන්න බොන්න, එදා වේල හොයාගන්න බැරි වෙලා.

තෙල් පෝලිම් වල දවස ගානේ මිනිස්සු මැරෙනවා. ඒ විතරක් නෙමෙයි කොරෝනා වසංගතයේ නැවතත් පීඩා විඳින්න ජනතාවට සිදුවෙලා. මේ එකකට වත් උත්තර දෙන්න පාර්ලිමේන්තුව තුළ අවස්ථාවක් කරගත්තේ නැහැ. ඒ නිසා අද 225ම එපා කියන ජනතා මතය ඇත්ත කියන කාරණය ඊයේ පාර්ලිමේන්තුවේ පෙන්නුවා. අපි විශ්වාස කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment