දසුන්ගේ මංගල ශතකය අපතේ යවමින් ශී‍්‍ර ලංකාව තරගය පරදී

249

ශී‍්‍ර ලංකාව සමගින් කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය 1-1ක් ලෙස සමකර ගනිමින් මහනුවර පල්ලකැලේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ සමත්වූහ. ලකුණු 303ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 09ක් දැවී ලකුණු 280කට සීමා කරමින් අදාළ ජය වාර්තා කිරීමට සංචාරක කණ්ඩායම සමත්විය.

ආරම්භය අසාර්ථක වූ ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලූ 4 මුලූ ලකුණු 63දී බිඳ වැටුණි. එ් අනුව පැතුම් නිස්සංක ලකුණු 16කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 7කටත් දිනේෂ් චන්දිමාල් ලකුණු 2කටත් සහ චරිත් අසලංක ලකුණු 23කටත් දැවී යෑම ශී‍්‍ර ලංකා ඉනිම පරාජයට තල්ලූවී යෑමට ඉවහල් විය.

කෙසේ වෙතත් තරගය මැදින් ශී‍්‍ර ලංකා බලාපොරොත්තු ඉහළ නැංවූ ශී‍්‍ර ලංකා නායකයා ඊයේ සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත්විය. එහිදී තමන් මුහුණු දුන් 93 වැනි පන්දුවේදී ටෙන්ඩායි චටාරාට එරෙහිව හයේ පහරකින් එය සම්පූර්ණ කිරීම කැපී පෙණුනි. චටාරා කි‍්‍රයාත්මක කළ ඊළඟ පන්දුවද හයේ සීමාවෙන් එපිටට යැවීමට ශානක උත්සායක් දැරූවද එය ෂිකන්දර් රාසගේ උඩපන්දුවක් බවට පරිවර්ථනය වී ශානකගේ ඉනිම නිමාවට පත්විය. දසුන්ගේ නායකත්වයේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වී තිබිණි.

ශී‍්‍ර ලංකා නායකයාගේ ඉනිමට අනගි සහයක් ලබා දුන් කමිඳු මෙන්ඩිස් ඊයේ තමාගේ පළමු ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. පන්දු 82ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් වෙද්දී ශානක සහ මෙන්ඩිස් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක ලකුණු සබඳතාවක් එක් කළේය. චාමික කරුණාරත්න අවසන් අදිර තෙක් සටන්කාමි ඉනිමක් දියත් කළද ලකුණු 34ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව චාමිකගේ ඉනිම නිමාවීම මත ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රාහි බලාපොරොත්තු සුන්වී ගියේය.

කාසියේ වාසිය සමගින් සිම්බාබ්වේ ඉනිම ආරම්භ කළ ටකුඞ්වාන්ශේ කයිටානෝ සහ රෙගිස් චකබාවා පළමු කඩුල්ලට ලකුණු 59ක් එක් කළේය. වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ ටකුඞ්වාන්ශේ කයිටානෝ ලකුණු 26කට දැවී යෑමත් සමගින් සිම්බාබ්වේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව තරගයේ 9 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී බිඳ වැටුණි.

අනතුරුව චකබාව සමගින් පිටියට එක් වූ නායක ක්‍රෙග් අර්වින් දෙවැනි කඩුල්ලට ලකුණු 31ක් එක් කළේය. එම සම්බන්ධතාවටත් තිත තැබීමට සමත් වූ වැනඩර්සේ චකබාවගේ ඉනිම ලකුණු 47කට සීමා කරමින් සංචාරක පිලේ දෙවැනි කඩුල්ලද බිඳ දැමීය.

තෙවැනි කඩුල්ලට පිටියට එක් වූ ෂෝන් විලියම්ස් නායකයා සමගින් එක්ව එම කඩුල්ලට ලකුණු 106ක් එක් කළේය. වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ ෂෝන් විලියම්ස් ලකුණු 48කට දැවී යෑමත් සමගින් එම සම්බන්ධතාවටද තිත වැටුණි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ ක්‍රෙග් අර්වින් පන්දු 98කදී ලකුණු 91ක් ලබා සිටියදී මහීෂ් තීක්ෂණගේ පන්දුවකට

ගොදුරු වී දැවී ගියේය. එම ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වී තිබිණි.

සිම්බාබ්වේ ඉනිම 300 සීමාවට රැුගෙන ආ ෂිකන්දර් රාස් පන්දු 46කදී ලකුණු 56ක් වාර්තා කළේය.

ඊයේ තරගය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමඟින් අවතීර්ණ වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම පළමු තරගයට කී‍්‍රඩා කළ කණ්ඩායමම ඊයේ තරගයට කී‍්‍රඩා කළේය. පළමු තරගයේදී ආබාධයකට ලක් වූ චාමික ගුණසේකර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබිණි.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 302යි (ටකුඞ්වාන්ශේ කයිටානො 26, රෙගිස් චකබ්වා 47, ක්‍රෙග් අර්වින් 91, ෂෝන් විලියම්ස් 48, සිකන්දර් රාසා, 56, රයන් බර්ල 19, ජෙෆ්රි වැන්ඩර්සේ 51/3, මහීෂ් තීක්ෂණ 49/1, නුවන් ප‍්‍රදීප් 74/2, චාමික කරුණාරත්න 24/1)

ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 09ක් දැවී ලකුණු 280යි (පැතුම් නිස්සංක 16, කමිඳු මෙන්ඩිස් 57, චරිත් අසලංක 23, දසුන් ශානක 102, චාමික කරුණාරත්න 34, ටෙන්ඩායි චටාරා 47/3, බ්ලේසිං මුසරාබානි 49/2, රිචන් නගරාවා 41/1, වෙස්ලි මඩව්ර් 30/1)

advertistmentadvertistment
advertistmentadvertistment