දහතුන් වසරක් පුරා මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ උතුම් සධාතුක කර`ඩුව වැඩම කරන්නට වාසනාව උදාකර ගත් ජාතික උරුමයක් ලෙස සියලූ ලක්වැසියන්ගේ බුහුමනට පාත‍්‍ර වූ පූජනීය නැඳුන්ගමුවේ රාජා හස්තියා ඊයේ (07 දා) අලූයම දැයෙන් සමුගත් බව ‘‘දිවයින’’ සාතිශය සංවේගයෙන් වාර්තා කර සිටිමු.
හැටනව හැවිරිදි වියෙහිදී ජිවිතයට සමුදුන් නැඳුන්ගමුවේ රාජා හස්තියා කලක් රෝගාතුරව පසුවිය.
ජාතික උරුමයක් ලෙස නම් කළ රාජා හස්තියා ගම්පහ රතුපස්වල නැඳුන්ගමුව හර්ෂ ධර්මවිජය මහතාගේ නිවස සිය නිවහන කර ගනිමින් උතුම් ශ‍්‍රී දළදා මාළිගාවේ සධාතුක කර`ඩුව වැඩම කරන්නට වාසනාව ලැබු මෙරට හීලෑ ඇත් පන්තියේ උසින් වැඩිම ඇතෙකුද විය.
රෝගාතුරව සිටියද පසුගිය වසරේදීත් මහත් තේජසින් ශ‍්‍රී දළදා මාළිගාවේ සධාතුක කර`ඩුව වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජා ආරක්‍ෂක අංශ රැුකවරණය ලැබූ ලොව එකම හස්ති රාජයා ද විය.
ශ‍්‍රී දළදා මාළිගාවේ සධාතුක කර`ඩුව වැඩම කරවූ ඇතුන් අතර නැඳුන්ගමුවේ රාජා දෙවැනි වූයේ මීට කලකට පෙර මියගිය රාජා ඇතාට පමණී.
පස් හැවිරිදි වියේදී ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාග කළ නැඳුන්ගමුවේ රාජා 2006 වසරේ සිට ශ‍්‍රී දළදා මාළිගාවේ පෙරහැරේදී සධාතුක කර`ඩුව වැඩම කරවනු ලැබීය. අඩි 10 1/2ක් පමණ උසැති නැඳුන්ගමුවේ රාජා අඩි පහක් පමණ දිග දළ යුගල නිසා වඩාත් ගාම්භීර වූවේය.
මද කිපීම නිසා මාස කීපයක් අලි ගාලක රඳවා සිටි නැඳුන්ගමුවේ රාජා දින දෙකක් පමණ ආහාර ලබා ගැනීමේ අපහසුතාවකින්ද පසුවූ බව රාජාගේ ඇත්ගොව්වා ලෙස කටයුතු කළ විල්සන් කොඩිතුවක්කු හෙවත් ‘‘කළු මාමා’’ ‘‘දිවයින’’ට ඊයේ (07 දා* පැවසීය.
ගම්පහ, වැලිවේරිය, රතුපස්වල සිට කිලෝ මීටර් 90කට අධික දුරක් ගෙවමින් පා ගමනින් මහනුවර පෙරහැර මංගල්‍යයට ගමන් කරන නැඳුන්ගමුවේ රාජා අඩ සියවසක් පමණ දළදා වහන්සේට ආවතේව කළ පින්වත් සත්වයෙකි.
1953 දී ඉන්දියාවේ මනිපුරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙකු වූ නැඳුන්ගමුවේ රාජා ප‍්‍රතිගුණ දැක්වීමක් ලෙස මෙරටට ලැබී ඇත.
සිය ඥාතියකුගේ නිධන්ගත රෝගයක් සුව කිරීම වෙනුවෙන් පිළියන්දල නීලම්මහර විහාරවාසීව සිටි දේශීය වෙදැදුරු හිමිනමකට මනිපුර් මහරාජා විසින් තෑගි කළ ඇත් පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවකු නැඳුන්ගමුවේ රාජා විය. 1978 දී එවකට ප‍්‍රසිද්ධ ආයුර්වේද වෛiවරයෙකු වූ නැඳුන්ගමුවේ ධර්මවිජය වෙද රාලහාමි, ඇත් රජුගේ වත්මන් හිමිකරු වන හර්ෂ ධර්මවිජයගේ පියා නැඳුන්ගමුවේ රාජා එකල රුපියල් හැත්තෑ පන්දහසකට මිලදී ගෙන තිබේ.
නැඳුන්ගමවුවේ රාජා හස්තිරාජයාගේ දේහය දැක බලා බුහුමන් දැක්වීමට විශාල පිරිසක් ඊයේ වැලිවේරිය රතුපස්වල නිවසට පැමිණ සිටි අතර ඇතාගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු සංරක්‍ෂණ කටයුතු සඳහා මහනුවරට රැුගෙන යෑමට නියමිතව තිබිණ.
දැයෙන් සමුගත් ‘‘නැඳුන්ගමුවේ පින්වත් රාජා හස්තියාගේ සසර ගමන සුගතිගාමී වේවායි ‘‘දිවයින’’ ප‍්‍රාර්ථනා කර සිටිමු.
සුජීව තත්සර, කමල් බෝගොඩ, සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්ති වීරසේකර