දළදා පෙරහර අවසන් කළ බව සංදේශය ජනපතිට පිළිගන්වයි

459


ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා, සමාප්ත කළ බව සැලකිරීමේ උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (23දා) පස්වරුවේ පැවැත්විණි.
දේශයේ විචිත‍්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත‍්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ, ප‍්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.


advertistmentadvertistment