යූටියුබ් නාලිකාවකට මුදාහල වීඩියෝ පටය මගින් ශ්‍රී දළදා වහන්සේට හෝ බුදු දහමට අපහාසයක් සිදු කිරීමේ කිසිදු අරමුණක් නොතිබූ බවත්, එමගින් යම් සිත් රිදුමක් ඇති වූයේ නම් මහා සංඝරත්නයෙන් හා සමස්ත බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සිය සේවාදායකයා සූදානම් බවත් සේපාල් අමරසිංහ නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා ඊයේ (31දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කියා සිටියේය.
ඒ බව ත්‍රෛනිකායික මහනායක හිමිපාණන් වහන්සේ වෙත ලිඛිතව දැනුම්දී ඇතැයි ද නීතිඥවරයා අධිකරණයට පැවසීය.
එම සැකකරු ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක