දැන්මම යන්න දෙන්න බැරියෝ… – පිස්සුද මම යනවා චෙරියෝ

253

මේ මොනවා කළත් සුනිල් ජීවත්වුණේ සුනිල්ට ඕන ලෙසට. ඔහුගේ ජීවිතයට හොඳ තේමාවක් තිබුණා. ඕමාර් ඛයියාම්ට අනුව මීවිත ගීපොත හා ගැහැනිය කියන ලෞකික ධර්මතාව සුනිල් තමන්ට අනුව ‘වයින්, වුමන් ඇන්ඞ් සෝන්ග්’ කියල සකසා ගත්තා. ඒ අනුව ජීවත් වුණා. සුනිල් ජීවිතය විඳවපු කෙනෙක් නොවෙයි. ජීවිතය වින්දා. ජීවිතය විඳින හැටි අනිත් අයටත් කියා දුන්නා.
ඇති තරම් විනෝද වුණා. මිනිසුන්ට උදව් කළා.

දැන්මම යන්න දෙන්න බැරියෝ…

පිස්සුද අපි යනවා චෙරියෝ…..

 දශක හතකට ආසන්න කාලයක් තමන් ජීවත් වුණ බව රටට දැනෙන්න ජීවත් වූ තවත් එක් ‘‘අපූරු මිනිසෙක්’’ නික්ම යෑමක් සනිටුහන් කරමින් කවුදෝ අපේ මිත‍්‍රයෙක් මුහුණු පොතේ තබා තිබූ සටහනකින් මම ඉහත වැකිය උපුටා ගත්තා.’’

 අපූරු මිනිහෙක්…!

 ජීවිතය පුරාම අනේකවිධ ජයග‍්‍රහණයන්ට උරුමකම් කියමින් වසර 69ක් ජීවත් වී අවසානයේ කොරෝනා මාරයාට පරාජය වී අවසන් ගමන් ගිය ජිප්සීස් සුනිල් පෙරේරා වන් ”ආතල්” මිනිසෙකුට මම එහෙම කියන කොට බොහෝ දෙනකුගේ ඇඟිලි මා වෙත දිගුවන බව මම නොදන්නවා නෙවෙයි.

 ඒ වගේම තවත් සීමිත පිරිසක් මෙන්න මෙහෙමත් කියාවි.

 ‘‘ජීවත් වෙලා ඉන්නකන් ඒ මනුස්සයාගේ වැරදිම කිය කියා හිටියා. දැන් මළාට පස්සේ එනවද ගුණ ගී ගයන්න…’’

 ඒ කවුරු මොන මොනවා කිව්වත් ජිප්සීස් සුනිල් ගැන සමාජය අවධානයෙන් ඉන්න මේ වෙලාවේ මටත් මේ වචන ටික නොකියාම බෑ. ඒ නිසා බොහොම පරිස්සමින් මෙන්න මෙහෙම ලියා තබන්න කල්පනා කළා.

 ”ජිප්සීස්” කියන්නෙ ග්ලූකෝරස සමූහ ව්‍යාපාරයේ අධිපති ඇන්ටන් පෙරේරා හදපු බෑන්ඞ් එක. එයා ඒක හදන්නේ ෂෝ ගහල සල්ලි හම්බ කරන්න නොවෙයි. හවසට හවසට පාටි දාන්න. බෑන්ඞ් එකේ සියලූම දෙනා ඔහුගෙම දරුවො. වැඩිමලා නිහාල්. ඊළඟට සුනිල්. ඊළඟට ලාල්. පස්සෙ නිමල්. බාලයා පියල් ඇන්ටන්ට ළමයිම 10 ක්නෙ.

 පවුලේම බෑන්ඞ් එකක් වුණාට තාත්තා මේ හැමෝටම පඩියක් පවා ගෙව්වා. පාටියක් මැදියම් රැය ඉක්මවා ගියොත් ඕ. ටී.ත් (අතිකාල) ගෙව්වා. එහෙමයි ‘‘ජිප්සීස් කලාව’’ පටන් ගත්තේ.

 ජිප්සීස්ලගෙ සින්දුවක් මම මුලින්ම අහන්නෙ 1983 දී විතර ගුවන් විදුලියේ. එතකොට අපි හතේ අටේ පන්තිවල. හිතට වැදුන ගීතය කුරුමිට්ටො. රූපවාහිනියත් ජනපි‍්‍රය වෙන කාලෙනේ. කුරුමිට්ටෝ ගීතයට හදලා තිබුණ රූප රචනයත් එක්ක ජිප්සීස්ලා මහ දැවැන්ත ජන ආකර්ෂණයකට පාත‍්‍ර වුණ හැටි මට මතකයි.

 කුරුමිට්ටෝ ගීතයෙන් ජිප්සීස්ලා එදා තිබුණ ජනපි‍්‍රය ගීත රැුල්ල අභිබවා ගිය ජනපි‍්‍රයත්වයක් දිනා ගත්තා. විරෝධාකල්ප පවා සුනිල් ටික ටික බයිලා රැුල්ලට ගෙනවිත් තිබුණා.

 ‘‘ කලාවෙ තිබේද නව පෙරළීී –
අපේ ලොවේ නැහැ බෙලි කැපිලි.
 නළු නිළියන් කොහොමද මල්ලී –
 එහි නෑ ඇවිදින ඇට සැකිලි’’

 කුරුමිට්ටෝ ගීතය නවතාවයෙන් සමාජය තුළ ප‍්‍රචලිත වන අතරම ජිප්සීස් සුනිල් මැදිහත් වී තවත් ගීත 4ක් එළිදක්වා තිබුණා.

 ‘‘ළිඳ ළඟ සංගමය

අම්මා අම්මා මේ මට

මම දුන්නෙ කිස් එකයි’’

සහ තවත් ගීයක්

 මේ ගීයත් සමාජයේ එක්තරා පිරිසක් වැලඳ ගත්තා. නව යොවුන් තරුණ තරුණියෝ මේ ‘‘අමුත්ත’’ දිහා අමුතු ආරකින් කල්පනා කළා. පාසල් විවේක කාලවල ඩෙස් එකට ගහ ගහ අපි මේවා කිව්වා.

 මම දුන්නෙ කිස් එකයි… කිස් එකයි…

 ඇගේ තොල් පෙති පොපියයි

 මම දුන්න තව එකක්

 දැන් දෙකයි…

 එදා අපි මේ ගීත කියද්දී ගුරුවරු අපිට ටොකු ඇන්නා. සාහිත්‍ය ගුරුවරු, සිංහල ගුරුවරු එහි ඇති වැරදි අපට පෙන්නල දුන්නා.

 ‘‘පවුලේ කාටත් එකට ඉඳගෙන අහන්න පුළුවන් සින්දුද ඕවා.’’

 ගුරුවරු ඔය මොනව කිව්වත් අපේ කොල්ලො කෙල්ලො

 ගමනක් බිමනක් සංචාරයක් සවාරියක් යන විට නොවරදවාම ඔය ගීත කිව්වා.

 සුනිල් පෙරේරාගේ ගීතවල සාහිත්‍ය රසයක් තිබුණෙම නෑ තමයි. සංගීතය පැත්තෙන් ගත්තත් ්ඒවා මහානර්ඝ නිර්මාණ නොවෙයි. නමුත් එහි සමාජයට දෙන පණිවිඩයක් තිබුණා. සමහර පණිවිඩ හරි රහයි. සමහර පණිවිඩ කර්ණ කටුකයි. කියන්න ඕන දේ කෙළින්ම අමුවෙන්ම කියලා දාන ගතියක් ඔහුගෙ ගීතවල තිබුණා.

 ”නෝනෙ මගෙ සුදු නෝනේ…, තාත්ත මට ඇනපු ටොක්ක…, ලූණු දෙහි…, ඕයේ ඔජායේ, සිංඤෝරේ…., සයිමා කට් වෙලා…, ලොරෙන්සෝ ද අල්මේදා…, පහසුවටත් වාසියටත්…, සිත සැනසුම දෙන්න සදා…, සුමිහිරි පානේ, කොත්තමල්ලි..” වැනි ගී ඔහු කියූ සිය ගණනක් ගීත අතරින්් ජනපි‍්‍රයම ඒවා සමහරක්. මේ සෑම ගීතයකින්ම ඔහු ලොකු සමාජ විවේචනයක් ඔහුටම ආවේනික ශෛලියකින් ඉදිරිපත් කළා.

 සංගීත ක්‍ෂේත‍්‍රයේ හා අපේ මේ පොදු සමාජයේ වැඩි දෙනා සුනිල්ට ආදරය කළේ ඔහු හොඳ ගායකයෙක් නිසා නම් නොවෙයි. ඔහුගේ ගායනාවල තිබුණ සුවිශේෂී වෙනත් අපූර්වත්වයක් නිසාත් නොවෙයි. ඔහු වේදිකාවකට නැග්ගාම ඒ දෙස බලා සිටින ලක්ෂ සංඛ්‍යාත පේ‍්‍රක්ෂක පිරිස ආකර්ෂණය කර ගන්නා ආනුභාවසම්පන්න කටහඬක් ඔහුට තිබුණා. ඔහු ඒ කටහඬින්, ඔහුගේ ශෛලියෙන් හා වේදිකා අභිනයෙන් මුළු පේ‍්‍රක්ෂකාගාරයම ඔහුගෙ කර ගත්තා. ඇත්තටම වේදිකාවෙදි සුනිල් හොඳ නළුවෙක්. එතෙන්දි ජිප්සීස් සුනිල් හා සම වැඞ්ඩෙක් අපේ මේ ප‍්‍රසංග වේදිකා ඉතිහාසය පුරාම තවත් බිහි වෙලා නෑ කියන කතාව බොරුවක් නොවෙයි.

 සුනිල් ප‍්‍රසංග වේදිකාවට වැඞ්ඩෙක් වුණේ ගායනයෙන් හා ඉදිරිපත් කිරීමෙන් විතරක්ම නොවෙයි. බටහිර සංගීත කණ්ඩායම් සංස්කෘතියේදීත් සම්ප‍්‍රදායේදීත් ඒ හා ආශි‍්‍රත නව දැනුමෙන් හා නූතනම තාක්ෂණයෙනුත් සුනිල් හා සම කළ හැකි තවත් වැඞ්ඩෙක් අපේ ප‍්‍රසංග වේදිකා කලාව තුළ නෑ… නෑ නෙවෙයි… ඇත්තේම නෑ…

 සුනිල්ගේ කටහඬ හොඳටම ගැළපුණේ අපේ රටේ එළිමහන් ප‍්‍රසංග වේදිකාවට. ඒ විතරක් නෙවෙයි මේ රටේ වෙළෙඳ දැන්වීම් කලාවටත් සුනිල්ගේ කටහඬ නැතිවම බැරි එකක් වුණා. ඒ රුව හා ඒ කටහඬ එකට ගැළපීම තුළ වෙළෙඳ දැන්වීම් කලාවෙනුත් ඔහු හොඳට සල්ලි හෙව්වා…

 අපේ රටේ සංගීත හා කලා ක්‍ෂේත‍්‍රවල තතු දත් බොහෝ දෙනා ජිප්සීස් සුනිල් පෙරේරා කියන ගායකයාට වඩා ඒ ගායකයා ඇතුළේ ජීවත් වුණ ”අසමසම මිනිසාට” බොහෝ සේ ආදරය කළා. ගරු කළා. ඊට හේතු රාශියක් තියන බව මම දැන ගත්තෙ කැලූම්ගෙන්… කැලූම් ශී‍්‍රමාල්…. මගේ මිත‍්‍රයා ඔහුට සුනිල් ගැන හුඟක් දේ කියා දුන්නා. ඊට අමතරව ප‍්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම්. ඔහුත් සුනිල්ගේ වටිනාකම් පැත්ත ගැන මා නොදන්නා සමහර වැදගත් කරුණු මට කිව්වා.

 සුනිල් තරම් බුද්ධිමය දේපළවලට ගරු කරන තම යුතුකම් ඉටුකරන ගායකයෙක්, සංගීත කණ්ඩායම් නායකයෙක් මේ රටේ තවත් නෑ. සුනිල් ගැයූ බොහෝ ගී ඔහු ඔහුට අනුව ලියා හදා ගත් ගී බව ඇත්ත. ඒත් ඒ ගී ලියුවේ වෙනත් අය. බොහෝ රචනා චන්ද්‍රදාස ප‍්‍රනාන්දුගෙ. සමහර ඒවා හේමසිරි හල්පිටගෙ. ඒ වගේම චන්ද්‍රා දේවාදිත්‍ය, ආනන්ද පත්මසිරි, පියරත්න විතානගේ (බයිලා සැන්ටි* පැන්ටිස් ජයවීර, ඩබ්ලිව්. ජයසිරි වැනි ගීත රචකයෝ සීමිත පිරිසක් ඔහුට ගීත ලිව්වා. බන්දුල, කැලූම් වගේ අයත් ඒ ලැයිස්තුවේ අග. මේ හැම කෙනෙකුටම යුතුකම් ඉටු කරන්න හා කර්තෘ භාගය ගෙවන්න සුනිල් මියෙනතුරා අමතක කරලා නෑ. මියයන්න දින ගණනකට පෙරත් ඔහු චන්ද්‍රදාස ප‍්‍රනාන්දුගේ පවුලේ අය වෙනුවෙන් හා ඩබ්ලිව්. ජයසිරි වෙනුවෙන් යම් යුතුකමක් ඉටු කළ බව මට කිව්වේ කැලූම්. එබඳු මිනිස්කම් අතින් ඔහුට සම කළ හැකි අය තවත් වේ නම් ඒ සෝමතිලක ජයමහ, විශාරද නන්දා මාලනී වැනි අය පමණක් බව මට කිව්වේ බන්දු.

 ජිප්සීස් සුනිල් කියන්නේ සංගීත ක්‍ෂේත‍්‍රයට එන ඕනම කෙනෙකුට නොමසුරුව අතදෙන සිටුවරයෙක් කියලත් මම අහලා තිබුණා.

 පොලොන්නරුවෙ ඉඳලා සින්දු ටිකක් හදාගෙන ඒක එළිදක්වන්න පෙරුම්පුරාගෙන කොළඹ ආපු ජානක වික‍්‍රමසිංහට ගායකයෙක් වෙන්න මුලින්ම අතදුන්නෙ සුනිල්. ජානක ඒ බව බොහෝ කලකට පෙර මට කරුණු කිව්වා.

 එච්චර ද… නෑ… නාමල් උඩුගම, මර්වින් මිහිඳුකුල, සංජීවනී වීරසිංහ, ඇතුළු ගායක ගායිකාවෝ රැුසක් සුනිල්ට ණයගැතියි. රූකාන්ත පවා… මිල්ටන්, පි‍්‍රයා, වික්ටර් වැනි පළමුපෙළේ ගායකයන්ට පවා සුනිල් ජිප්සීස් එන්ටර්ප‍්‍රයිසස් වෙතින් ලබා දුන්න හොඳ හිත සුළුපටු නෑ කියලයි කියන්නේ.

 මේ මොනවා කළත් සුනිල් ජීවත්වුණේ සුනිල්ට ඕන ලෙසට. ඔහුගේ ජීවිතයට හොඳ තේමාවක් තිබුණා. ඕමාර් ඛයියාම්ට අනුව මීවිත ගීපොත හා ගැහැනිය කියන ලෞකික ධර්මතාව සුනිල් තමන්ට අනුව ‘වයින්, වුමන් ඇන්ඞ් සෝන්ග්’ කියල සකසා ගත්තා. ඒ අනුව ජීවත් වුණා. සුනිල් ජීවිතය විඳවපු කෙනෙක් නොවෙයි. ජීවිතය වින්දා. ජීවිතය විඳින හැටි අනිත් අයටත් කියා දුන්නා. ඇති තරම් විනෝද වුණා. මිනිසුන්ට උදව් කළා.

 සුනිල් ගත කළේ අතිශයින් සුකුමාර කෙළිලොල් කාමභෝගී ජීවිතයක්. පසිඳුරන් පිනවීම ගැන ඔහු වෙන කිසිම කෙනෙක් නොකියන කතා පවා කිව්වා. සුදු සදාචාරවත් සමාජයකට සුනිල් අප‍්‍රිය අමනාප කෙනෙක් ලෙස පෙනුණේ එහෙමයි.

 සැබැවින්ම සුනිල් කියන්නේ හිතුවක්කාරයෙක්. එයාගේ තාත්තාත් එහෙමයි ලූ. ඒත් තාත්තා මේ රටේ නමගිය ව්‍යාපාරිකයෙක්. හොඳට හරි හම්බ කළ කෙනෙක්. සුනිලූත් එහෙමම තමයි.

 මුහුණු පොතේ සටහනක් තැබූ සංඛ රඹුක්වැල්ල කියන විදිහට සුනිල් පෙරේරා සියලූ ලෞකික සැප සම්පත් විඳපු කෙනෙක්. රත්මලාන ග්ලූකෝරස ව්‍යාපාරයට අයත් මහඉඩමේ තිබ්බ මහ ගෙදරට අමතරව රත්මලාන ගොළුමඩම හන්දියෙ ‘‘සිරස ස්ටයින් ස්ටූඩියෝව‘‘ට යාබද විශාල ඉඩමක සුනිල් අලූත් ගෙයක් හැදුවා. සංඛ කියන විදියට ඒක ගෙයක් නෙවෙයි, මහා සාගරයක්. හිතුවක්කාරයෙක් විදියට ‘‘වාස්තු” නැතුව, ‘‘නැකත්” නැතුව, ‘‘සුබ මුහුර්ත” නැතුව, ‘‘සුභ දිසාවන්” නැතුව ඔහු ගේ හැදුවේ ඔහුට වුවමනා විදියට. ප‍්‍රධාන දොර ජනෙල් පවා දැම්මේ බටහිරට…

 ”මූදු හුළං ටිකක් වැදෙන්න එපාය මල්ලි… මං කොහොමත් මූදට ආසයි නේ…” ඒ ගැන වාස්තු ප‍්‍රශ්න අහපු සමහරුන්ට සුනිල් දුන්නු උත්තරේ ඒකයි.

 හිතුවක්කාර විදිහට හැම දෙයක් ගැනම සිතූ සුනිල් අවසාන වශයෙන් තම ජීවිතය ගැනත් හිතුවක්කාර ලෙස කල්පනා කළා. කොරොනා වලින් බේරෙන්න ‘‘වැක්සීන් දෙකම ගහපන් සුනිල් අයියෙ” කියලා කියපු සමහරුන්ට ඔහු මෙන්න මෙහෙම කිව්වා…

 ”සුනිල් අයියගෙ ලයිෆ් එකට එක්ස්ටෙන්ෂන් extension නැහැ මලේ.. එයා අත වනපු දවසට මම යනවා…”

 ”දැන්මම යන්න දෙන්න බැරියෝ…” කියා කවුරුවත් කිව්වද දන්නේ නැහැ. එහෙම ඇහුවා නම් ඔහු…

 ”පිස්සුද අපි යනවා චෙරියෝ…” කියා කියනවා නිසැකයි…

 ඒක ඔහුගේ ගීතයක කොටසක් තමයි. ඒත් ඔහුගෙ ජීවිතයටත් ඒ කොටස පොදුයි.

 එච්චරද… නෑ තව ඉවර නෑ. සුනිල් විවෘතව වැඩ කළා. විවෘතව කතා කළා. තමන් ජීවිතය විඳින හැටි කන බොන හැටි ගැන ලිංගිකත්වය ගැන එහි සීමා මායිම් නොමැතිකම ගැන සුනිල් සමාජයට විවෘත වුණා. අදහස් නොවළහා කිව්වා.

 දේශපාලනය ගැන වුණත් ඔහුට පක්ෂපාතිකම් තිබුණේ නෑ. තිබෙන ආණ්ඩුව තිබෙන සමාජ ප‍්‍රපංචය ඔහු විවේචනය කළේ තම නිර්මාණවලින් විතරක් නොවෙයි. ප‍්‍රසිද්ධ මාධ්‍යවලින් පවා වරද දුටු තැන ඔහු ඊට වැරෙන් පහර එල්ල කළා.

 සුනිල්ගේ කට හොඳ නෑ කියලා මිනිස්සු කිව්වේ ඒකයි. ඒ කට හොඳ නැතිකම තවත් සමහර දේශපාලන පක්ෂ තම තමන්ගේ වාසියට යොදා ගත්තා. 2015 දී මේ රටේ ආණ්ඩු වෙනස් කරන්න (සිස්ටම් චේන්ජ්* සුනිල්ගේ සහාය දේශපාලන වේදිකාවට ගන්න තරම් දේශපාලන පක්ෂ එතනදී සූක්ෂ්ම වෙලා තිබුණා. ඔහු දරුණු ගනයේ රාජපක්ෂ විරෝධියකු ලෙස සමාජයේ තහවුරු වුණේ එහෙමයි.

 කොහොම වුණත් සුනිල් කියන්නේ මිනිසෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙක්. ඒ ගැන කියන්න මටත් පුංචි අත්දැකීම් දෙකක් තිබුණා.

 ඒ අතරින් එකක් කියමින් ම මේ කතාව හමාර කරන්නයි මගේ අදහස.

 දෙරණ රූපවාහිනියේ විකාශය වන ”මා නොවන මම” වැඩසටහන මම බලන්නෙ කැලූමා නිසා. ඌ හරි රහට ඒක කරනවා.

 මේක වෙලා දැන් ටික දවසක් වෙනවා. එදා ඒ වැඩසටහනට ඇවිත් හිටියේ ජිප්සීස් සුනිල් සහ පියල්. පියල් ගැන අතීතය මතක් කරමින් සුනිල් මෙන්න මෙහෙම කියපු කාරණාවක් නිසා මගේ ඇෙඟ් හිරිගඩු පිපුණා. මම සුනිල්ට ඇත්තටම කැමැති කෙනෙක් නෙවෙයි. ඒත් ඒ කතාව ඇහුවම මට ඒ මිනිහා ගැන පුදුම ආදරයක් දැනෙන්න ගත්තා. කතාව මෙන්න මෙහෙමයි.

 ”ඒ කාලේ මමයි පියලූයි තමයි ජිප්සීස් බලාගත්තේ. අපි හරියට මහන්සි වුණා. ඔය අතරෙ පියල්ට ලංකාව එපා වුණා.

 මගෙන් ඇහුවා මම රට යන්න ද කියලා. මං විරුද්ධ වුණේ නැහැ.”

 ‘‘පියල් මාව දාලා රස්සාවක් කරන්න රට ගියා. වැඩිදුර ඉගෙන ගෙන නැති නිසා ලොකු රස්සාවල් ලැබුණේ නෑනේ. ෂෙඞ්වල තෙල් ගැහුවා. සුපර්මාකට්වල බඩු කිරුවා. ඕවා තමයි රස්සා. ඕවා කර කර කාලයක් ඉන්නකොට මිනිහට එහෙත් එපා වුණා. අන්තිමේ අම්මව දාලා මිනිහා මගෙන් ඇහුවා ආපහු ලංකාවට එන්නද කියලා…

 මම අම්මට කිව්වා… ඕනම වෙලාවක එන්න කියන්න. මෙතන වැඩ තියෙනවා කියලා…

 පියල් ලංකාවට ආවා. ඊට පස්සේ මාත් එක්ක එකතු වෙලා සංගීත වැඩ කරන්න පටන් ගත්තා.

 පියල් ලංකාවේ නැති කාලේ අපිට හොඳට වැඩ ලැබුණා. අපි විශාල මුදලක් හම්බ කළා. අන්තිමේ පියල් ආවම මම මොනවද දන්නවද කලේ… මම හම්බ කරපු මුදල්වලින් ඉස්සරවෙලාම කළේ පියල් ගේ කොටස පියල්ට දෙන එක…”

 ”ඒ කියන්නේ යම් කොටසක් පියල්ට දුන්නා…?” විශ්මයෙන් කැලූම් ඇහුවේ තවදුරටත් තහවුරු කරගන්න….

 ”යම් කොටසක් නෙවෙයි… භාගයක්… හරියටම බාගෙට භාගයක් මම මල්ලිට දුන්නා.”

 අදහන්න පුළුවන් ද… එහෙම අයියලා ගැන. අමාරුයි තමයි. ඒත් ඒ කතාව ඇත්ත. පියල් සාක්ෂි.

 ඔන්න ඔහොමයි සුනිල්. සුනිල් ගැන හරියට නොදන්න අපි ඔහු ගැන මොන මොනව කිව්වත් සුනිල් ගැන හොඳ හැටි දන්නා කොයි කවුරුත් ඔහුට මෙතරම් ආදරේ ඒකයි.

 * බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment