මෙවර ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයන් තුන් දෙනෙක් ඊයේ ඇප මුදල් තැන්පත් කළහ. නව සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ප්රියන්ත පුෂ්පකුමාර මහතාත්, ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු ලෙස එම්. තිලකරත්න මහතාත්, අපේ ජනබල පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජේ. ඩී. කේ. වික්රමරත්න මහතාත් ඊයේ මෙසේ ඇප මුදල් තැන්පත් කළහ. මේ අනුව ඊයේ වනවිට ජනපති සටනට අපේක්ෂකයෝ 27 දෙනෙක් තරග බිමට පිවිස සිටිති.
රනිල් ධර්මසේන