දැරියගේ නිරුවත ගත් විද්‍යා ගුරා මාට්ටු

103

පාසල් දැරියක් රවටා ජංගම දුරකථනයකින් ඇගේ නිරුවත් දර්ශන නැරඹූ පාසල් ගුරුවරයකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ හැසිරීම් පිළිබඳව ඇයගේ නැන්දනියට ඇතිවූ සැකයක් මත ඇය දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී දැරිය රවටා අදාළ ගුරුවරයා දැරියගේ නිරුවත් ඡායාරූප සහ දර්ශන නරඹා ඇති බවට අනාවරණය වී ඇත. පාසලක විද්‍යා ගුරුවරයෙකු විසින් එම පාසලේ 16 හැවිරිදි සිසුවියක මෙසේ අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාර විද්‍යා ගුරුවරයා දැරිය රවටා ඇයට අවස්ථා කිහිපයකදී මුදල් පවා දී ඇති බවට අනාවරණය වී ඇත.

දැරියගේ පියා මියගොස් ඇති අතර දැරියගේ මව විදේශගතව සිට ඇත. දැරියගේ නැන්දනිය භාරයේ සිටි ඇය පිළිබඳව ඇතිවූ සැකය අනාවරණය වීමත් සමග නැන්දනිය විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

ධම්මික සල්වතුර


advertistmentadvertistment