දැරියට අතවර කළ චීවරධාරියා ඇතුළු 17 ක් අත්අඩංගුවට – තවත් 20 දෙනකු ගැන තොරතුරැ හෙළිවෙයි

603

* අන්තර්ජාලයේ ඇග විකිණීම්:

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය එම දැරිය අපයෝජනයට ලක්කළ චීවරධාරියකු ඇතුළු පුද්ගලයන් 17 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්කළ තවත් පුද්ගලයන් 20 දෙනකු පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර දැරියගේ මව, මෙම දැරිය අලෙවි කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ, දැරිය විවිධ ස්ථාන වෙත රැගෙන ගිය වාහන රියැදුරන් දෙදෙනකු, දැරිය අලෙවි කිරීම සඳහා වෙබ් අඩවි වෙළෙඳ දැන්වීමක් සකස් කළ පුද්ගලයකු ද සිටින බව පොලිසිය පවසයි.

ගල්කිස්ස ප‍්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම 15 හැවිරිදි දැරිය එම ප‍්‍රදේශයේ මහල් නිවාසයක රඳවාගෙන අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඇය විවිධ පුද්ගලයන් වෙත රුපියල් දසදහසේ සිට තිස්දහස දක්වා මුදලට අලෙවි කර තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් අදාළ දැරිය ඉකුත් 07 වැනිදා සොයාගෙන ඊට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මේ වනවිට සැකකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන් සොයා විමර්ශන පවත්වාගෙන යයි.

මෙම දැරියගේ මව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති ප‍්‍රධාන සැකකරු පසුව ඇයගේ 15 හැවිරිදි දියණියට ද අතවර කර තිබිණි.

පසුව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර මාස 4 ක කාලයක් තිස්සේ මෙම දැරිය විවිධ පුද්ගලයන්ට ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට මෙම ප‍්‍රධාන සැකකරු කටයුතු කර ඇත.

මෙම දැරියගේ මව ද සැකකරු විසින් රුපියල් ලක්‍ෂ 21 ක මුදලකට අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට අලෙවි කර තිබිණි. එම කාන්තාව මොහු අලෙවි කර ඇත්තේ ධනවත් පුද්ගලයා සමග එකට ජීවත්වීමේ පදනම මතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment