දැරිය අපයෝජනයට විශ‍්‍රාමික බැංකු නිලධාරියෙන් හා පොලිස් නිලධාරියෙක්

451

අන්තර්ජාලය ඔස්සේ පළකර තිබූ දැන්වීමක් හරහා පහළොස් හැවිරිදි දැරියක් මුදලට ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන විශ‍්‍රාමික බැංකු නිලධාරියකු සහ පොලිස් ක‍්‍රිඩා කොට්ඨාශයේ නිලධාරියකු ළමා හා කාන්තා කාර්යංශය මගින් ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම 15 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙම දැරියගේ ජංගම දුරකථනය මගින් ඇප් ෆේස්බුක් පරීක්‍ෂා කිරීමේදී හෙළි වූ තොරතුරු මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සැකකරුවන් දෙදෙනා ළමා හා කාන්තා කාර්යංශයේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස ප‍්‍රදේශයේ මහල් නිවාසයක රඳවාගෙන මෙම දැරිය මුදලට අලෙවි කළ පුද්ගලයෙකු ගල්කිස්ස පොලිසිය මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගත් අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment