දික්ඔය සිංහල විදුහලේ විදුහල්පතිනිය පමණයි

1899

හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය සිංහල විදුහල 21 වන දින විවෘත කිරීමට පියවර ගෙන තිබුණද එම විදුහලේ විදුහල්පතිනිය පමණක් සේවයට වාර්තාකර තිබුණි.

මේ පිළිබඳ කරන ලද විමසීමකදී එම විදුහලේ විදුහල්පතිනිය, ශ‍්‍රියානි රම්‍යලතා මහත්මිය පවසන ලද්දේ මෙම විදුහලේ ගුරුවරුන් 15 දෙනකු සේවය කරන බවත් එම ගුරුවරුන් කිසිවකුත් සේවයට වාර්තා කර නොමැති බවත්ය.

එමෙන්ම මෙම විදුහලේ සිසු සිසුවියන් 115 දෙනකු අධ්‍යාපනය ලබන බවත් එයින් එක් සිසුවියක් පමණක් පාසලට පැමිණි බවත් පසුව එම සිසුවිය ද ඇයගේ සොහොයුරකු ගෙන්වා යළි නිවෙසට පිටත් කර හැරීමට පියවර ගත් බව ද විදුහල්පතිනිය පැවසුවාය.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ‍්‍රීධරන් මහතා පැවසුවේ මෙම කලාපයේ සිසුන් 200 ට අඩු පාසල් 74 ක් පවතින බවත් එම විදුහල් අතරින් විදුහල් 30 ක අධ්‍යාපන කටයුතු 21 වන දින ආරම්භ කිරීමට හැකිවූ බවත්ය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment