දිනේෂ් පි‍්‍රයන්තට නව නිවසක්

234

2021 පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූ දිනේෂ් ප‍්‍රියන්තට නව නිවසක් ලබාදීමට තීරණය කර තිබේ. පෙරේදා (14 වැනිදා) පැවැති කැබිනට් රැස්වීමේදී එ් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

යෝජනා පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරන ලද කොම්පඤ්ඤවීදිය මෙට්‍රොහෝම් නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 14.2ක් වටිනා නිවසක් දිනේෂ් පි‍්‍රයන්තට ලබා දීමට තීරණය කර තිබේ.

නිමාවට පත්වූ ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළලේදී එෆ් 46 හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 67.79ක දුරක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට දිනේෂ් පි‍්‍රයන්ත සමත්විය.


advertistmentadvertistment