දිනේෂ් – පොහොට්ටු සන්ධානයක්!

2373

මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව තරග කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇත. එහි පළමු සාකච්ඡාව ඒ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් අතර පවත්වා තිබේ.

මෙහිදී මහ මැතිවරණය පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කළ බව පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

මෙහිදී පවතින දේශපාලන තත්ත්වය හා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ඉදිරියේදී තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment