දින කිහිපයක් තිස්සේ හාමත් වූ ඇත් පැටවා පණ්ඩුලගමට

490

දින කිහිපයක් තිස්සේ තනිවී අතරමංව හාමත්වී සිටි ඇත් පැටියකු මහත් පරිශ‍්‍රයකින් පසු සොයා ගැනීමට ජීවි නිලධාරීන්ට හැකි විය.

පසු ගිය දින කිහිපය තිස්සේ කැකිරාව, කීරියගස්වැව ප‍්‍රදේශයේ ඇත් පැටියකු තනිව සැරිසරණ බවට එම ප‍්‍රදේශයේ ජනතාව දැක ඇත. පසුව ගම්වාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට මේ බව දැනුම් දීමෙන් පසු එම නිලධාරීන් එම පැටියා සොයා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

පසුව රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කොට ඇත් පැටියා අල්ලා ගැනීමට කටයුතු කළේය. උතුරුමැද භාර වනජීවි වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතාගේ උපදෙස් අනුව ඇත් පැටවාට හදිසි ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඇත් පැටියා පණ්ඩුලගම වනජීවි කර්යාලයට ගෙන යෑමට පියවර ගෙන තිබේ.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment