දින 100ට මිනීමැරුම් 83ක්

108

පසුගිය දින 100 තුළ මෙරට මිනිස් ඝාතන 83ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ඝාතන අතුරින් වෙඩි තබා සිදුකළ මිනීමැරුම් 20ක් වාර්තා වී ඇති අතර ඉන් 10ක්ම පාතාල සන්නද්ධ කණ්ඩායම් අතර සිදුවූ ඒවා බවද තල්දූව මහතා කියා සිටියි.

මේ අතර මෙම වසරේ මේ දක්වා රට පුරා සොරකම් 1180ක් සිදුවී ඇති අතර කොල්ලකෑම් 310 ක්ද වාර්තා වී තිබේ.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment