දින 1335න් පසුව ගෙදර ගිය ඉම්රාන්

368

1947 දී පාකිස්තානය බිහිවූ දා සිට, එරට තේරී පත් වූ කිසිදු අගමැතිවරයකු සිය වසර පහක නිල කාලය සම්පූර්ණ කර නොමැති අතර, ඉම්රාන් ඛාන් මෙම ලැයිස්තුවේ 19 වැනි පුද්ගලයා බවට පත්විය. විශ්වාසභංග යෝජනාවක් හරහා නිලබලයෙන් පහ කළ පළමු අගමැති වන්නේ මේ හිටපු ක‍්‍රිකට් නායකයාය.

 අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉරිදා අලූයම 1ට සම්මත විය. එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 342 දෙනා අතරින් මන්ත‍්‍රීවරුන් 174 දෙනෙකු විශ්වාසභංගයට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ. අසාද් කයිසර් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තු සැසියේ මුලසුන දැරූ අයස් සාදික් ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කළ අතර, ඉන් පසුව ඉම්රාන් ඛාන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 95 වැනි වගන්තියට අනුව අගමැති ධුරය දැරීමට නුසුදුසු විය. ඉම්රාන් ඛාන්ට පෙර 2006 දී ෂවුකට් අසීස් සහ 1989 දී බෙනාසීර් භූතෝ යන අගමැතිවරුන්ට විශ්වාසභංගය ඉදිරිපත් වුවත් මේ දෙදෙනාම එයින් ගැලවීමට සමත්විය. 1951 ඔක්තෝබර් 16 වැනිදා එරට ප‍්‍රථම අගමැති ලියාකාත් අලි ඛාන් ඝාතනය විය. ඔහුගෙන් පසු අගමැතිවරු හත් දෙනෙක් ඉල්ලා අස්වූ අතර පස්දෙනකු නෙරපා හැරීම්වලට මුහුණ දුන් අතර අගමැතිවරු හතර දෙනකුගේ ආණ්ඩු හමුදා කුමන්ත‍්‍රණ මගින් නෙරපා හරින ලදී. නවාස් ෂරීෆ් සහ යූසුෆ් රාසා ගිලානි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබීම හේතුවෙන් අගමැතිකම දැරීමට නුසුදුස්සකු වූ දෙදෙනෙකි. ඇත්තෙන්ම නවාස් ෂරීෆ්ට සිව් වතාවක්ම අගමැති තනතුරෙන් ඉවත් වීමට සිදුවිය. කෙසේ වෙතත්, ෂරීෆ් මහතාට දින 3,422 ක් අගමැති ලෙස කටයුතු කිරීමට හැකිවීම ඔහුගේ ගෞරවයට හේතුවේ. එය අගමැතිවරුන් අතර වැඩිම කාලයයි. ඉම්රාන් ඛාන් දින 1,335 ක් අගමැති ලෙස කටයුතු කළ අතර එම දින ගණන අනුව ඔහුට අගමැතිවරුන්ගේ ධුර කාලයේ දින ගණන අනුව ඔහුට හයවන ස්ථානය හිමිවේ.

දින 1335න් පසුව ගෙදර ගිය ඉම්රාන්
 පසුගිය 28 වැනිදා

විශ්වාසභංග ඡුන්ද විමසීම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු වන නියෝජ්‍ය කථානායක කාසිම් සූරි, ‘‘විදේශ මැදිහත්වීමක්” පෙන්නුම් කරන බව පවසමින් යෝජනාව ඉවත දැමීය. එයින් පසු අගමැති ඉම්රාන් එරට ජනපතිට දැනුම් දුන්නේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසයි. කෙසේ නමුත් පසුගිය බ‍්‍රහස්පතින්දා පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සුවිශේෂ තීන්දුවකට අනුව ඉරිදා දිනයේ නැවත විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිත විය. එනිසාම අගැමතිට ගෙදර යන්නට සිදුවිය. මාර්තු මස අගභාගයේ දී ඉම්රාන්ගේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් රැුසක් ඉවත්ව යෑම හමුවේ ඔහුට බහුතරය අහිමි වූ අතර එනිසා දේශපාලන ජීවිතය ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට සිදුවිය. පකිස්තාන පාර්ලිමේන්තුව අද රැුස්වන්නේ එරට නව නායකයා තෝරාගැනීම සඳහායි. මෙම පුද්ගලයාට මීළඟ මැතිවරණය පැවැත්වීමට නියමිත 2023 ඔක්තෝබර් දක්වා බලයේ සිටීමට හැකි වනු ඇත.

 වොෂින්ටනය සිය රජය පෙරළා දැමීමේ කුමන්ත‍්‍රණය යෙදී සිටින බව ධුරයෙන් ඉවත් කළ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කරන ප‍්‍රකාශයේ සත්‍යයක් නොමැති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර සිටියේ පසුගිය සිකුරාදා දිනයේය. වොෂින්ටනයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී නියෝජ්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා ජාලිනා පෝටර්ට පවසා සිටියේ ”මෙම චෝදනාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව මම ඉතා පැහැදිලිව කියන්නම්,” බවයි. විශ්වාසභංගයට පෙර දින එනම් 08 වැනිදා අවසන් වරට ජාතිය අමතමින් ඉම්රාන් ඛාන් පවසා සිටියේ ඔහුගේ ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තිය ‘විදේශ බලවතුන්‘ කෝපයට පත් කර ඇති නිසා තමාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගයට විදේශ රටවල් මුදල් සපයා ඇති බවයි. සිකුරාදා ජාතිය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු පකිස්ථානයේ පාලන තන්ත‍්‍ර වෙනසක් කිරීමට තර්ජනය කර ඇති බව යළි යළිත් කියා සිටියේය. එවක පකිස්ථාන තානාපති අසාද් මජීඞ් ඛාන් සමඟ පැවති සාකච්ඡුාවකදී පකිස්තානයේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමට තර්ජනය කරනු ලැබුවේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් ඩොනල්ඞ් ලූ බවත් සඳහන් කර තිබිණි. නමුත් වොෂින්ටනය පදනම් කරගත් පුවත් වෙබ් අඩවිය සඳහන් කර සිටියේ පකිස්තානයේ අභ්‍යන්තර දේශපාලනයට ඇමෙරිකානු මැදිහත්වීමේ දිගු ඉතිහාසයක් ඇති නිසා මේ ප‍්‍රකාශවල පූර්ණ අසත්‍යක් නොමැති බවයි. පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව ‘‘තවත් නිර්ලජ්ජිත මැදිහත්වීමේ උත්සාහයක්” සිදු කර ඇති බවත් තමන්ට ‘‘අකීකරු” ඉම්රාන් ඛාන්ට දඬුවම් කර ඇති බවත් රුසියාව නිවේදනය කර කර තිබිණි. ‘‘මේ වසරේ පෙබරවාරි 23-24 දිනවල ඉම්රාන් ඛාන් මොස්කව් පැමිණෙන බව නිවේදනය කළ වහාම, ඇමරිකානුවන් සහ ඔවුන්ගේ බටහිර සහචරයන් මේ සංචාරය අවලංගු කිරීම වෙනුවෙන් පාකිස්තාන අගමැතිට රළු පීඩනයක් එල්ල කිරීම පටන් ගත්තා” යනුවෙන් රුසියානු විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව සඳහන් කර තිබිණි. පාකිස්තාන අගමැති ඉම්රාන් රුසියානු නායක පුටින් අතර සාකච්ඡුා පැවැත්වුණේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ දිනය සුවිශේෂ වන්නේ රුසියාව විසින් යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරනු ලැබුවේ එදිනම වීමයි. නමුත් මෙම හමුව ඇමෙරිකාව මෙන්ම එරට බලවත් හමුදාවේද නොසතුටට හේතුවන් වී තිබිණි. ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව රුසියාව විසින් සිදුකළ ආක‍්‍රමණය විවේචනය නොකළද එරට හමුදාපති ජෙනරාල් බජ්වා විසින් රුසියානු ආක‍්‍රමණය හෙළා දැක තිබිණි. මෙය සිවිල් ආණ්ඩුව හා පාකිස්තාන හමුදාව අතර ගැටුමේ අවසන් ප‍්‍රථිපලය ඉම්රාන්ට තනතුර අහිමිවීමය. ඇත්තෙන්ම හමුදාවේ සහයෙන් 2018දී ඉම්රාන් බලයට පැමිණියද පසුගිය කාලය පුරාම පාක්ස්තානයේ බලවත් හමුදාව හා ආණ්ඩුව අතර ගැටුමක් තිබිණි.

 පසුගිය 28 වැනිදා ‘‘අගමැති ඉම්රාන්ගේ කඩුල්ල බිඳ දමන්නේ හමුදාවද?” මැයෙන් ලිපියක් ලියමින් අප සඳහන් කලේ හමුදාව විරසකවීම හේතුවෙන් ඔහුගේ අගමැති පුටුව ඉක්මනින් දැවී යන බවයි. විශ්වාසභංගය කරලියට පැමිණි අවස්ථාවේම හමුදාව ප‍්‍රකාශ කලේ තමන් කිසිම පාර්ශවයක් නොගන්න බවයි. එයින්ම හමුදාවේ සහය කාටදැයි ඉඟියක් පළවිය. පසුගිය සති කිහිපය පුරාම අගමැති ඉම්රාන් එරට බලවත් හමුදාවට ටොකු ලබා දුන්නේය. ඒ ඔවුනගේ සහය තමන්ට හිමි නොවන බව දන්නා නිසාය. මම ඉන්දියාවට ආචාර කරනවා. පකිස්තානයට වඩා ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය හොඳයි, ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය හමුදාව දූෂිත නැහැ, සිවිල් රජයට ඔවුන් කිසි විටෙකත් ඇඟිලි නොගසයි” ඉම්රාන් ඛාන් ප‍්‍රසිද්ධ රැුස්වීමකදී පාකිස්තාන හමුදාවේ නම සඳහන් නොකර ප‍්‍රකාශ කර තිබිණි. ඉන්දියාවේ මෙන් නොව විදේශ ප‍්‍රතිපත්තිය තීරණය කිරීමේදී පකිස්තාන හමුදාව කෙලින්ම සිවිල් ආණ්ඩුවට ඉහළින් සිටී. මේ බලපෑම හො`දින්ම දන්නේ අන් කවරකුවත් නොව ඉම්රාන් ඛාන්ම පමණි. එසේම මාර්තු අග පැවති මහජන රැුලියකදී ඉම්රාන් ප‍්‍රකාශ කර සිටියේ හොඳ සහ නරක අතර සටනක් ඇති විට දෙවියන් ‘‘අපෙන් ඉල්ලා සිටින්නේ මධ්‍යස්ථ නොවන ලෙසයි. මධ්‍යස්ථ වන්නේ සතුන් පමණි.” ඔහු මේ ප‍්‍රකාශය හරහා හමුදාවට ටොක්කක් දුන්නේය. නමුත් හොඳම ටොක්ක දුන්නේ ජෙනරාල් බජ්වා විසිනි. එනිසා දැන් ඉම්රාන් අගමැති කාර්යාලයට සමුදී ඇත. මාර්තු මැද ජෙනරාල් බජ්වා හා තවත් හමුදා ප‍්‍රධානීන් හතර දෙනකු අතර පැවති විශේෂ සාකච්ඡුාවකින් අනතුරුව ඉම්රාන්ට තවදුරටත් සහය නොදීමට තීරණය කර තිබිණි. මේ සඳහා හමුදා බුද්ධි අංශයේ ප‍්‍රධානි ජෙනරාල් නදීම් අන්ජුම් සහභාගි විය.

 පාකිස්තාන දේශපාලන අර්බුදය ඇතිවීමට ප‍්‍රධාන හේතුවක් වූයේ කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදයයි. ලංකාවේ මෙන්ම පාකිස්තාන ආණ්ඩුවත් ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටී. විදේශ සංචිත ඩොලර් බිලියන 15ට පහළ බැස ඇත. මිලියන 220ක් වෙසෙන පාකිස්තාන ජනතාවගේ ආහාර ප‍්‍රශ්නය විස`දන්නේ කෙසේද? මේ දේශපාලන අර්බුදය නිසා ආර්ථික අර්බුදය විස`දීම ස`දහා කාලය යෙදවීම දේශපාලකයන් අමතක කර ඇති බව එරට ප‍්‍රධානම පුවත්පත වන ‘‘ඩොන්” සිය කතුවැකිය මගින් ප‍්‍රකාශ කර තිබිණි. අද පත්කෙරෙන නව අගමැතිවරයාට බලවත් අභියෝග රැුසකට මුහුණ දීමට සිදුවේ. පාක්ස්ථාන විපක්ෂ නායක ශෙබාස් ෂරිෆ් නව අගැමතිවරයා ලෙස තේරී පත්වනු ඇති බව එරට මාධ්‍ය කියයි. අගමැති නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරා වන 70 හැවිරිදි ශෙබාස් ශරිෆ්, පන්ජාබ් ප‍්‍රාන්ත මහ ඇමැතිවරයා ලෙසද කටයුතු කර ඇත. නව අගමැති ලෙස තේරීපත් වන තැනැත්තාට රාවල්පින්ඩි හමුදා මූලස්ථානයේ අකමැත්තක් නොමැති බව පෙනී යයි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment