දින 55 කට ආසන්න කාලක් ප්‍රමාද ගාස්තු ගෙවමින් මුහුදේ තිබූ බොරතෙල් නැව ගොඩබා සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් ඊයේ (22දා) වනතෙක් සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට හැකිවී නැත.
ගොඩබාන ලද මෙටි්‍රක් ටොන් 99,000 ක් අඩංගු රුසියානු නැවේ බොරතෙල් ඝණත්වයෙන් වැඩි අතර මර්බන් වර්ගයේ තවත් බොරතෙල් නැවක් ගෙන්වා මිශ්‍ර කර පිරිපහදුවට භාවිතා කිරීමට සිදුවීමෙන් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට නොහැකිවී ඇතැයි එහි සේවකයෝ පවසති.
එම මර්බන් වර්ගයේ බොරතෙල් නැවද කොළඹට පැමිණි ඇතත් එම බොරතෙල් ගොඩබෑමට මුදල් ගෙවීමට සිදුවී ඇත. මීට පෙර ගෙන්වන ලද බොරතෙල් පිරිපහදු කිරීමේදී අතුරු ඵලයක් ලෙස නිපදවන කළු තෙල් විදුලි උත්පාදනයට විදුලිබල මණ්ඩලය මගින් මිලදී නොගන්නා නිසා එම තෙල් විශාල තොගයක් පිරිපහදුව තුළ ගබඩා කර ඇතැයි ද ඒවා ඉවත් කර නොගෙන නැවත පිරිපහදුව ක්‍රියාත්මක කර නිපදවන කළුතෙල් ගබඩා කිරීම ගැටලුවක් වී ඇතැයිද සේවකයෝ පවසති.
වසර 50කට වඩා පැරැණි සපුගස්කන්ද පිරිපහදුවෙන් මෙසේ කඩින් කඩ පිරිපහදු කටයුතු සිදු කිරීමට යෑමෙන් පිරිපහදුව ද අවදානම් තත්ත්වයකට පත් විය හැකි බව සේවකයෝ වැඩිදුරටත් කියා සිටිති.
චමින්ද සිල්වා