දියඇළි ළඟ මරණ 21 ක්

156

දියඇලි ආශි‍්‍රතව පසුගිය 2021 වර්ෂයේ දී සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 21දෙනකු මරණය පත්ව ඇති බැව් රත්නපුර දිස්ති‍්‍රක් දියඇලි පර්යේෂණ සංගමය සිදු කළ සමීක්ෂණවල සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වී තිබේ.

දිස්ති‍්‍රක්ක හයක පිහිටි දියඇලි දහතුකින් මෙම හදිසි මරණ වාර්තා වේ.

මෙසේ කාන්තාවන් දෙදෙනකු ද පිරිමි 19 දෙනකු ද මියගොස් ඇත. එකම පවුලේ පිය – පුතු – දියණියක් ද තවත් පවුලක අයියා හා නංගි ද මේ අතර වෙති.

මොනරාගල මරණ 6ක් ද නුවරඑළිය 3ක් ද රත්නපුරයේ 5ක් ද බදුල්ල 2ක් ද කළුතර 2ක් ද කොළඹ 03ක් ද වශයෙන් මෙම හදිසි මරණ සිදු වී ඇති බව රත්නපුර දිස්ති‍්‍රක් දියඇලි සංගමයේ සභාපති අසිත ඉන්දික වීරවර්ධන මහතා විසින් මෙම කරුණු අනාවරණය කළේය.

වයස අවුරුදු 39 – 11 අතර පසුවෙන අය මෙසේ අනතුරට ලක්ව මරණයට පත්ව ඇති අතර දියඇලි ආශි‍්‍රතව ඇති උපදෙස් හා වැඩිහිටි අවවාද නොසැලකීම හේතුවෙන් වැඩි වශයෙන් මෙම මරණ සිදු වී තිබේ. 2020 වර්ෂයේ දියඇලි ආශි‍්‍රතව සිදු වී ඇති මරණ සංඛ්‍යාව 4කි.

නිවිතිගල ධර්මසිරි ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment