කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීමත් නිසා දියවන්නාවේ ඔයේ වාර්තා වූ තෙල් තට්ටුව සම්බන්ධව කරන ලද විමර්ශණ යේ දී හෙළිවී ඇත.
ඒ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් යොදවා විසින් කරන ලද විමර්ෂන වාර්තාව අද (27) පරිසර අමාත්‍යවරයාට බාර දෙන ලදී.
ඉකුත් සතියේ දී දියවන්නා ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් ජායාරූප කිහිපයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හිතවතෙක් විසින් අමාත්‍යවරයා වෙත එවා තිබුනි අතර මේ සම්බන්ධව වහාම කණ්ඩායමක් යොදවා විමර්ශණය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබූණී.