චීන කටු ප්‍රතිකාරයේදී සිදුකරන්නේ බාහිරින් නිල තෙරපුම පමණි. ඖෂධ වර්ග පානයට නොදේ. එනිසා අතුරු ආබාධ රහිතය. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින් දුර්වල වූ සිරුරේ ශක්තිය වර්ධනය කිරීම චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් දස දෙනකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගයට ගොදුරුව සිටින බව හඳුනාගෙන ඇත. එසේම පුද්ගලයින් සිව් දෙනකුගෙන් එක් අයෙක් පූර්ව දියවැඩියා රෝගයට ලක්ව සිටින බව වාර්තාවේ. එනම් රුධිර සීනි මට්ටම 101ත් 105ත් අතර මට්ටමේ පවතී.
මෙම තත්ත්වය මතුව ඇත්තේ අපගේ ආහාර රටාවේ වැරදි සහ ජීවනරටාවේ වැරදි නිසාය. දැන් වේලට පිෂ්ඨය අධික ආහාර ගෙන ඇඟ වෙහෙසවන්නේ නැතිව අලස දිවියක් ගත කිරීම මේ සඳහා ප්‍රධානම හේතුව වී ඇත.
දියවැඩියාව නිසා මතුවන ගැටලු
දියවැඩියාව යනු රෝග රැසකට මූලිකවන රෝගයකි. හෘදයාබාධ, වකුගඩු දුර්වලවීම, ස්නායු දුර්වලතා, ලිංගික අබලතා, මදසරු බව ආදී රෝග රැසකට දියවැඩියාව මූලික වී ඇත.
දියවැඩියාව පාලනය
දියවැඩියා රෝගය පාලනය සඳහා අප සාමාන්‍යයෙන් සිදුකරන්නේ රුධිරයේ ඉහළ ගොස් ඇති සීනි මට්ටම අඩුකර ගැනීමට උත්සාහ කිරීමය. ඒ සඳහා ආහාර පාලනය, ව්‍යායාම කිරීම, ඖෂධ වර්ග ගැනීම සිදුකරයි.
එහිදී ඇතැම් වෛද්‍ය ක්‍රමවල භාවිතා කරන ඖෂධ දීර්ඝ කාලයක් ගැනීමේදී වකුගඩු දුර්වලතා හටගනී. ස්නායු දුර්වලතා මතුවේ.
චීන කටු ප්‍රතිකාර
වසර දහයකට අධික කාලයක් තිස්සේ භාවිතා වන චීන කටු ප්‍රතිකාරය මඟින් දියවැඩියා රෝගය සුවපත් කළ හැකි බව හඳුනාගෙන ඇත. එහිදී දියවැඩියාව ඇතිවීමට බලපා ඇති හේතුවන අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා යළි පිළිසකර කරවීමට හැකි සිරුරේ ඇති ඊට අදාළ නිල ස්ථාන චීන කටු භාවිතය මඟින් සහ විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතයෙන් (Electric Stimulater) සිදුකරනු ලබයි.
එසේ උත්තේජනයට ලක්කරන නිල අතරFutu (Li-18) Jiasum (sj-20) Baihui (Du-20) Quchi (Li-11) Yintang (Ex-1) සහ Duzhui (Du-14) ප්‍රධාන තැනක් ගනී. මෙම නිල තෙරපුම සඳහා රන්, රිදී, තඹ ආදී විශේෂ චීන කටු භාවිතා කරයි.
එම නිල තෙරපුම දිනකට පැයක පමණ කාලයක් සිදුකරනු ලබයි. එම ප්‍රතිකාරය සතියකට දින තුනක් පමණ අඛණ්ඩව සිදුකර ගැනීමෙන් සති 4ත් 12ත් අතර කාලයකදී දියවැඩියා රෝගය පාලනය කරගත හැකිය.
මෙම ප්‍රතිකාර ගනු ලබන අතර සීනි අධික ආහාර ගැනීම සීමා කළ යුතුය. එනම් අයිස් ක්‍රීම් චොක්ලට්, පැණි රස ආහාර, පිෂ්ඨය අධික ආහාර සීමා කළ යුතුය. කොළ පැහැති එළවළු පලාවර්ග, ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගත යුතුය. දිනපතා අඩුම තරමින් පැයක පමණ කාලයක්වත් ඇවිදීමේ ව්‍යායාමවල නිරතවිය යුතුය. එවිට ඉතා පහසුවෙන් දියවැඩියා රෝගය පාලනය කරගෙන මතුව ඇති අතුරු ආබාධ ද සුවපත් කරගත හැකිය.
චීන කටු ප්‍රතිකාරයේදී සිදුකරන්නේ බාහිරින් නිල තෙරපුම පමණි. ඖෂධ වර්ග පානයට නොදේ. එනිසා අතුරු ආබාධ රහිතය. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින් දුර්වල වූ සිරුරේ ශක්තිය වර්ධනය කිරීම චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී සිදුකරනු ලබයි.
වැඩි විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමැතිය හැකිය.
කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත
කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය