පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස සංචාරකයන් ඇතුළු පිරිස්වලින් ඉල්ලීමක් සිදු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.
විශේෂයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා ඇල්ලේ ජලය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.