දිය කැපීමේ මංගල්‍යය සිදුකෙරේ

883

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු චාරිත‍්‍ර වලට අනුකූලව දිය කැපීමේ මංගල්‍යය අද (23) අලූ‍යම ගැටඹේ දියකපනා තොටේදී සිදුකරනු ලැබීය.

නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි ප‍්‍රධාන කපු මහත්වරු ඇතුළු සීමිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පෙරහර ආරම්භ කරමින් සතර මහ දේවාලයන්හි සිටුවන ලද කප ගලවාගෙන ගොස් දිය කැපුම් මංගල්‍යය සිදුකර එම කප මහවැලි ගෙඟ් පාකර හැරීම අතීතයේ පටන් පැවැත එන චාරිත‍්‍රයකි.

දියකැපුම් මංගල්‍යය අද අලූ‍යම 5.50 ට යෙදුණු සුබ නැකතට සිදු කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ පිරිස මහනුවර පුල්ලියාර් කෝවිළ වෙත පැමිණි එහිදී ආගමික වතාවත්වල නිරත වූහ. අනතුරුව දවල් පෙරහර වීදි සංචාරය කරනු ලැබීය.


advertistmentadvertistment