දිලිත්ගේ මව්බිම ජනතා පක්‍ෂයේ සභාපති ධුරය රොෂාන්ට

133

උප සභාපති චන්න ජයසුමන

ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන ‘මව්බිම ජනතා පක්‍ෂයේ’ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩා ඇමැති, රොෂාන් රණසිංහ මහතා පත්කර තිබේ.

රොෂාන් රණසිංහ මහතා එම පක්‍ෂය සමග එක්වීමෙන් අනතුරුව ඊයේ (02දා) එම පත්වීම සිදුකර තිබේ. එසේම හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ‘මව්බිම ජනතා පක්‍ෂයේ’ උප සභාපතිවරයා ලෙස ඊයේ පත්වීම් ලැබීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද ‘මව්බිම ජනතා පක්‍ෂය’ සමග එක්වී ඇති අතර ඒ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ‘මව්බිම ජනතා පක්‍ෂයේ’ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment