දිවංගත රෙජී රණතුංගගේ 16 වන ගුණ සැමරුමදා…

388

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු සහ හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 16 වන ගුණ සැමරුම (30) ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උඩුගම්පොළදී පැවැත්විණි.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ඥාතීන් ඇතුළු පිරිස උඩුගම්පල පිහිටි රෙජි රණතුංග මහතාගේ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

1937 අප්‍රේල් මස 22 වන දින උඩුගම්පලදී උපත ලැබූ රෙජී රණතුංග මහතා මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන්ද, මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන්ද අධ්‍යාපනය හදාළේය. ඔහු රුමේනියානු ජනරජ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධිධාරියෙකි.

1962 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් රෙජී රණතුංග මහතා මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1989 වර්ෂයේදීය. 1994 මැතිවරණයෙන් පසු ප්‍රවාහන, පාරිසරික, වනිතා කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වූ රෙජී රණතුංග මහතා වරාය සංවර්ධන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත්, සිවිල් ගුවන් සේවා, ආහාර හා අලෙවි සංවර්ධන කැබිනට් අමාත්‍යධූරයන්හිත් කටයුතු කර තිබේ. ජාතික වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙසද රණතුංග මහතා කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment