දිවංගත ලලිත් ඇතුලත්මුදලිගේ 31 වැනි ගුණානුස්මරණ උළෙල ලබන 22 සහ 23

18

කෘතහස්ත දේශපාලනඥයෙක්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය වරයෙක් හා අධ්‍යාපන අමාත්‍ය වරයෙක්ව සිටි මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ

31 වැනි ගුණානුස්මරණ වැඩසටහන අප්‍රේල් 22 සහ 23 දෙදින පැවැත්වීමට එහි සංවිධායකයෝ කටයුතු යොදා ඇත.

ඒ අනුව අප්‍රේල් 22 වැනිදා උදේ රත්මලාන පරමධම්ම චේතිය මහ පිරිවෙන් විහාරස්ථානයේදී මහා සංඝරත්නය 45 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ. 23 වැනි දින පෙරවරු 08.15 ට කොළඹ 7 රාජකීය විද්‍යාලය අසල හා පෙරවරු 10 ට රත්මලාන මැලිබන් හන්දියේ පිහිටි එතුමාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර පැවැත්වීමටද නියමිතය.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment