දිවයින (පරණ කතාව)

117

මීට හතළිස් අවුරුද්දකට පෙර අප ‘දිවයින’ කර්තෘ මණ්ඩලයට බැඳෙන අවස්ථාවේදී මේ රටේ ක්ලාක් මහත්තයකුගේ පඩිය රුපියල් 500 කි. විධායක නිලධාරියකුගේ පඩිය රුපියල් 1000 කි. රුපියල් 2000 ක් පඩි ලබන්නට නම් අඩුම ගණනේ කෙනෙක් සංස්ථා සභාපති කෙනකුවත් විය යුතුය. ඒ වූකලී මේ රටේ ජනයා වැඩි වැටුප් පතා ඩුබායි බලා යමින් සිටි යුගයයි. හැම ගෙදරකම එකෙක් දෙන්නෙක් ඩුබායි යනු පිණිස රැුකියා ඒජන්සි ඉදිරිපිට රස්තියාදු වූහ. උපාලි විජයවර්ධන මහතා දිවයින පටන් ගන්නා අවධියේදී මේ රටේ තවත් පත්තර කන්තෝරු තුනක් තිබිණ. ඉන් දෙකක් ආණ්ඩුව විසින් පාලනය කරනු ලැබූ අතර අනික පුද්ගලික අංශය සතු විය. මේ හැම පත්තර කන්තෝරුවකම වැටුප් මට්ටම ඉතා අඩුය. මේ අතර දිවයින පටන් ගත් අර්ථපතියෝ රුපියල් 500 ක් පඩි ලැබූ පත්තරකාරයන්ට රුපියල් 2500 බැගින් ගෙවමින් ඔවුන් උපාලි පුවත්පත් සමාගමට එකතු කරන්නට වූහ. මේ කියන සමයේදී වෙනත් පත්තර කන්තෝරුවලින් පුවත්පත් කලාවේදීන් දිවයිනට බැඳුනේ ඩුබායි ගියා හා සමාන බව කියමිනි.

දිවයින (පරණ කතාව)

මීට අවරුදු හතළිකට පෙර මම පත්තර කන්තෝරු දෙකක සිංහල සහ ඉංග‍්‍රීසි පත්තරවල කෑලි ගණනට ලියන ෆ‍්‍රීලාන්සර් තරුණයකුව සිටියෙමි. ඒ අතර අලූතින් අරඹන දිවයිනට බඳවා ගනු ලැබූ මට බොහෝ හිතවත් වෘත්තීය සහෝදරයකු වූ ඩබ්ලිව්. කේ. ඞී. නවරත්න සහ දි අයිලන්ඞ් පත‍්‍රයට බඳවාගෙන සිටි අජිත් සමරනායක හරහා දිවයින පත‍්‍රයේ උප කර්තෘකමක් ලැබිණ. දිවයිනට බැඳීම සඳහා මාත් සමග මගේ තවත් ප‍්‍රාණ සම මිතුරන් දෙදෙනෙක් ද අයැදුම් කළහ. ඉන් පළමුවැන්නා පසු කාලයේදී චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය කර්මාන්තය ජයගත් ජයන්ත චන්ද්‍රසිරි ය. අනෙකා පසු කාලයේදී ප‍්‍රාචීන භාෂා පඬිවරයකු බවට පත්වූ එවකටත් කීර්තිමත් ගීත රචකයකුව සිටි කිත්සිරි නිමල්ශාන්තය. කිත්සිරි බොහෝ වේලාසනින් අපෙන් මෙන්ම ජීවිතයෙන්ද නික්ම ගියේය. මා දිවයිනට සම්බන්ධ වීමට සම්මුඛ පරීක්ෂණයට මුහුණදීම සඳහා පැමිණි අවස්ථාවේදී මා බඳුව අපිළිවෙළට නොව පිළිවෙළට ඇඳ පැළඳගත් තවත් කඩවසම් තරුණයෙක්ද සිටියේය. ඔහු සමග කතාවට වැටුණු මම ඔහු එච්. ආර්. ජෝතිපාලගේ, ගාමිණී ෆොන්සේකාගේ සහ විජය කුමාරණතුංග ගේ සමීප මිතුරකු බව දැන ගතිමි. මේ තරුණයාගේ නම බන්දුල නාරද නිශ්ශංකය. නාරද අද දිනපතා දිවයිනේ කතුවරයාය. දිනපතා දිවයිනේ 40 වන සංවත්සරය සඳහා මේ ලිපිය ලියන ලෙස මට දන්වන ලද්දේ නාරද විසිනි. ඒ දැන්වීමෙන් අනතුරුව පැත්තකට වී මඳක් කල්පනා කළ මට කිසියම් කාරණයක් හැඟී ගියේය. එනම් මේ පුවත්පත ආරම්භයේදී එකතු වූ පුවත්පත් කලාවේදීන් අතුරින් අදටත් මේ වහල යට සිටින්නේ මාත් නාරදත් පමණක් යන බවය. අප සමග සේවයට පැමිණි සෙසු අයගෙන් වැඩිදෙනා විශ‍්‍රාම ගොසිනි. සෙසු අය මිය ගොසිනි. සමහරුන් වෙනත් පත්තරවලය.

දිවයින (පරණ කතාව)

මා දිවයින කර්තෘ මණ්ඩලයට පැමිණි මුල් අවස්ථාව ඉතා විසිතුරුය. කර්තෘ මණ්ඩල ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පාහේ විදුලි පහන් වලින් ආලෝකවත් කර වායු සමීකරණය කර තිබිණ. මෙයට 40 අවුරුද්දකට පෙර කවුරුත් දවල්ට ලයිට් දමන්නේ නැත. එසේම කාර්යාල වායු සමීකරණය කිරීමක්ද නැත. මේ උත්කර්ෂවත් සුඛෝපභෝගී අලංකාරය දැකීමෙන් සහ විඳීමෙන් මම පුදුමයට පත් වුණෙමි. එවකට මේ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වූයේ ප‍්‍රතාපවත් එඞ්මන්ඞ් රණසිංහය. ආයතනයේ නියෝජ්‍ය කර්තෘ ලෙස ලේඛන කලාවේ ප‍්‍රවීණයකු වූ දයාසේන ගුණසිංහ වැඩ කළේය. දිනපතා දිවයිනේ ප‍්‍රධාන උප කර්තෘවරයා වූයේ මෙරිල් පෙරේරා ය. ඔහු පැමිණ සිටියේ දවස පුවත්පතෙනි. දිවයින සමාරම්භක ක‍්‍රීඩා කර්තෘ ලෙස ඬේලි නිවුස් පත්තරයෙන් පැමිණි අසෝක ගුණතිලක සිටියේය. දයාරත්න රණසිංහ ප‍්‍රවෘත්ති කර්තෘ ය.

දැනට ඇමරිකාවේ පදිංචිව සිටින උපාලි තෙන්නකෝන් ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ හැටියට වැඩ කළේය. නෝමන් පලිහවඩන සහ ස්ටැන්ලි පේ‍්‍රමරත්න ‘පොලිස් රවුන්ඞ්’ එක කවර් කළහ. ධර්මරත්න විජේසුන්දර සහ දයා ලංකාපුර පාර්ලිමේන්තු වාර්තාකරුවෝ වූහ. සෆාරි කමිස කලිසම් ඇඳ විශාල හම් බෑගයක් ඔසවාගෙන වැඩට ආ සිරිමල් ෆොන්සේකා ජ්‍යෙෂ්ඨ විශේෂාංග ලේඛකයකු විය. පසුව ඔහු ප‍්‍රාදේශිය ප‍්‍රවෘත්ති කර්තෘධුරය දැරීය. දිනපතා දිවයිනේ විශේෂාංග කර්තෘ වූයේ එස්. දයා ප‍්‍රනාන්දුය. දයා අද ඇමරිකාවේ පදිංචිකරුවෙකි. කිත්සිරි නිමල්ශාන්තට නියෝජ්‍ය විශේෂාංග කර්තෘකම ලැබිණ. ජයන්තත් මාත් උප කතුවරුන් වූ අතර එවකට විදේශ ප‍්‍රවෘත්ති පිටුව කළ දේශප‍්‍රිය දිසානායක සමග මාරුවෙන් මාරුවට එම පිටුව කිරීමටත් ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති පිටු සංස්කරණය කිරීමටත් මට භාර විය. ඒ අතර නවලිය කාන්තා පුවත්පත ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබිණි. තියෙන කරදර මදිවාට එම පුවත්පතේ සියලූම ලිපි සංස්කරණය කිරීමට මටත් ජයන්ත චන්ද්‍රසිරිටත් පැවරිණි. නවලියේ කර්තෘ ප‍්‍රියංගනී ගුණවර්ධනය. ටික දිනකින් කීර්ති වර්ණකුලසූරියත් සිරිමෙවන් කස්තුරිආරච්චිත් ජටිල වැල්ලබඩ සහ ශාන් විජේතුංගත් ධර්මන් වික‍්‍රමරත්නත් අපට එකතු වූහ. ඒ අතර අප සමග සිටි ඡුායාරූප ශිල්පීන් වන චන්ද්‍රගුප්ත වීරවර්ධන, නිල්ටන් ගලබඩගේ (ඔහු පානදුරේ අරියධම්ම හිමිගේ මස්සිනා කෙනෙකි.) බන්දු එස්. කොඩිකාර, යූ.එන්. පෙරේරා, ප‍්‍රසන්න හෙන්නායක, ප‍්‍රියන්ත හෙට්ටිගේ, ගාමිණී මෙන්ඩිස්, මංගල වීරසේකර, සරණපාල පමුණුව, ශී‍්‍රලාල් ගෝමස් යනාදීන්ද සිහිපත් කළ යුතුය. දිවයිනට මහා සේනාවක් වැනි පිරිසක් සිටියද නවලියට හිටියේ ප‍්‍රියංගනීත් දිවයින කර්තෘ මණ්ඩලයෙන් තාවකාලිකව ණයට දුන් ඇගේ තාවකාලික සහකරුවන් වූ ජයන්තත් මාත් පමණි. ප‍්‍රියංගනීගෙන් පසුව නවලිය භාරගන්නේ චාන්දනී විජේතුංගය. අද ඇය ස්විඩනයේ වෙසෙන්නීය.

දිවයින (පරණ කතාව)
ලක්‍ෂමන් පෙරේරා මහතා අපට එක් වූ මුල් කාලයේ
 

දිවයිනේ මුල් කාලයේදීම අපට එකතු වූ දීප්ති අධිකාරි, ලයනල් මුණසිංහ, චන්ද්‍රසිරි කටුදෙණිය, රෝහණ වෙත්තසිංහ අද අප සමග නැතත් කවර ආකාරයෙන් හෝ ලේඛක ජීවිතවල නිරත වෙති. විමලසේන ඉහළගම, සරත් අබේගුණවර්ධන, රූපසිරි විiාරත්න, අශෝක වන්නිආරච්චි අද අප අතර නැත. දිනපතා දිවයිනේ සෙසු උප කතුවරුන් ලෙස කටයුතු කළ වසන්ත කුමාර කෙත්හේන, සාලමුල්ලේ ධර්මරත්න සහ ජයන්ත සිල්වාත් මට තවමත් මතකය. ජයන්ත අද නීතිඥයෙකි. සාලමුල්ලේ සහ කෙත්හේන මිය ගොසිනි. මෙරිල් පෙරේරා හෙවත් මෙරිල් අයියා ද අද ජීවතුන් අතර නැත. අප කොතරම් හුදකලාවට පත්ව සිටින්නේද යන්න මේ ගැන සිහිපත් කළ මම ළඟකදී නාරදට පැවසුවෙමි.

ඉරිදා දිවයිනේ ප‍්‍රධානියා දයාසේන ගුණසිංහය. එහි ප‍්‍රධාන උප කර්තෘ ලෙස ප‍්‍රවීණ ලේඛකයකු වූ ගාමිණි සුමනසේකර සිටියේය. එවකට දිවයින පත්තරයේ සිටි ප‍්‍රමුඛතම භාෂා විශාරදයන් දෙදෙනා වූයේද ගාමිණී සුමනසේකර සහ කිත්සිරි නිමල් ශාන්තය. ඉරිදා දිවයිනේ උප කතුවරු ලෙස ජයනාත් ගුණවර්ධනත් තිස්ස වීරසේකරත් වැඩ කළහ. දිවයින ඇරඹී අවුරුද්දකට අඩු කාලයක් තුළ ජයනාත් මිය ගියේ ඉතා ශෝකජනක ලෙසිනි. ඔහුගේ යටි පතුලෙන් ඇතුළු වූ විෂ බීජයක් මොළය දක්වා ගමන් කර තිබුණි. ඔහු රෝගීව ඉන්නා බව ආරංචි වූ එක් දවසක දවල් වරුවේදී මමත් ජයන්තත් කිත්සිරිත් ඔහු බැලීමට කරාපිටිය රෝහලට ගියෙමු. සතියකින් ආපසු වැඩට එන බව ජයනාත් අපට කීවේය. එදිනම සවස ඔහු මළේය. අනුර සිරිවර්ධනත් පසුකලෙක අපට එක්විය.

අප මේ පුවත්පතට සම්බන්ධ වුණු පසු නාරද නිශ්ශංක ඉතා වේගවත් චරිතයක් බවට පත්විය. ඔහු ඕල් රවුන්ඩර් කෙනකි. මරණ පරීක්ෂණ උසාවියේ සිට කලා කටයුතු දක්වා වූ සියලූම නිව්ස් කවර් කිරීමට නාරද පුරුදු විය. ඔහු ඒ වන විටත් එවකට තිබූ ලංකාදීප පුවත්පතේ සේවය කොට පල පුරුද්දක් ලබා සිටි කෙනෙකි. අප දුටු ඊළඟ වේගවත් චරිතය ගයිරික පේරුසිංහය. වැඩිපුර සිනා නොවුණු වැඩිපුර කතා නොකළ ගයිරික තියුණු දේශපාලන ඉවක් තිබූ වහා කෝපවන කෙනෙකි. දිනක් විහිළු කර කෝප

ගැන්වූ කල්හි ගයිරික කොළ බරට තබන යකඩ ගුලියකින් මට පහර දුන්නේය. ඒ පහර වැදුනේ නම් මා මිය යන්නේ මීට අවුරුදු 40 ට පෙරය. හදිසි කෝපයෙන් මිනී මැරීමේ වරදට හෙවත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට ගයිරික ගේ ඇඟ බඳින්නට ඉඩ තිබුණි. ගයිරික පසුකාලයේදී කීර්තිමත් නීතිඥයකු බවට පත්ව ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති ද විය. ඊට බොහෝ පෙර චන්ද්‍රලේඛා පෙරේරා සම්බන්ධයෙන් තරුණ සේවා සභාව සමග ඇතිකරගත් ප‍්‍රශ්නයක් නිසා එහි මැරයෝ ගයිරිකටත් මටත් පහර දීමට තීරණය කළහ. ඒ අනුව ගයිරිකටත් අපේ හිටපු ඡුායාරූප ශිල්පියකු වූ නිහාල් චන්ද්‍රකුමාරටත් තරුණ කටයුතු අමාත්‍යාංශය ඉදිරියේදී හොඳටම පහරදෙන ලදී. හිසට වැදුණු පහරක් නිසා නිහාල් චන්ද්‍රකුමාර ආතභූත වී ගෙදර නැවතී දෑවුරුද්දක් ම ප‍්‍රතිකාර ගත්තේය. දිනක් මා වැඩ ඇරී ගෙදර යද්දී මැරයන් දෙදෙනෙක් මට නෙළීමට පසුපසින් පැමිණියහ. වෙල් යායක් මැදින් දිවගොස් මම පණ බේරා ගතිමි. මෙකල තිබුණේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයයි. වෙල දිගේ දිවගොස් පණ බේරාගත් මම පසුදින උදේ පාන්දරම වෝඞ් ප්ලේස් එකේ පිහිටි ජයවර්ධන මහතාගේ ගෙදරට ගොස් සිද්ධිය පැමිණිලි කළෙමි. තරුණ සේවා සභාවේ ලොක්කන්ට හොඳ පාඩමක් උගන්වන බව කියා ඒ උත්තුංග වයෝවෘද්ධ නායකයා තරුණ මගේ හිත එකලස් කළේය. නමුත් අවසන් පාඩම ඉගෙනගෙන තිබුණේ ගයිරිකත් චන්ද්‍රකුමාරත් පමණි. මට හිමිවූයේ වෙල දිගේ දිවගොස් පණ ගලවා ගැනීමේ ශූරතාවයි.

අලූත ඇරඹුණු දිවයිනට අනගි චිත‍්‍ර ශිල්පී කණ්ඩායමක් සිටියහ. ඉන් පළමුවැන්නා දේශපාලන කාටුන් ශිල්පී විජේසෝම ය. ඔහු ප‍්‍රබුද්ධ මනසක් සහ විචක්ෂණ ව්‍යවහාරයක් ඇති මිනිසෙකි. අපේ ඊළඟ ශිල්පියා වූයේ සිය පියාගේ වයසේ අයටත් බබා යනුවෙන් ආමන්ත‍්‍රණය කළ ජනක රත්නායක ය. එකිනෙකාට වෙනස් ප‍්‍රතිවිරුද්ධ මත දැරූ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පීන් වන ශාන්ත කේ. හේරත් සහ විනී හෙට්ටිගොඩ ආරවුලකට යතැයි අපි නිතර සිතුවෙමු. එහෙත් එවැන්නක් කවදාවත් ඇති නොවීය. අපේ කර්තෘ මණ්ඩලයේ සිටි සහ උපාලි සමූහ ව්‍යාපාරය විසින් සේවයට බඳවා ගන්නා ලද පළමු කාන්තාව වූ පද්මා වේරගොඩ ආරච්චි පසුකාලයේදී විනි ගේ ප‍්‍රිය භාර්යාව වූවාය.

දිවයිනේ පරිපාලන සැකැස්ම ද එකලට සාපේක්ෂව අති නවීන විය. ආරම්භයේදී මෙහි ප‍්‍රධාන විධායක ලෙස ලෙස්ලි ධර්මරත්න මහතා කටයුතු කළේය. පසුව ඔහු සම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා විය. පිරිස් පාලන අංශය භාරව සිටියේ යුනිලීවර්ස් සමාගමේ පර්සනල් මැනේජර් වූ ආචාර්ය ඞී. එස්. බණ්ඩාරගේය. එකල මෙරට පැවති ආයතනවල ප‍්‍රධාන විධායක හෝ පර්සනල් මැනේජර් තනතුරු තිබුණේ නැත. එබැවින් යුනිලීවර්ස් සමාගම අරුණු විට ඉහත සඳහන් තනතුරු එකල තිබූ එකම ආයතනය උපාලි පුවත්පත් සමාගම විය යුතුය. මේ ආයතනයේ පළමුවන බෙදා හැරීමේ කළමනාකරු වූ සේනාරත්න මහතාද පළමුවන දැන්වීම් කළමනාකරුවන් වූ බොබ් හාවී සහ එස්. ඒ. වෙදආරච්චි මහත්වරුන් ද අප මෙහි එන විට සිටි නිෂ්පාදන කළමනාකරු වූ කීර්ති ජයසූරිය ද කිසිසේත් අපට අමතක නොවේ. මේ අය සමග ගත්කල විසිතුරු කාලය සිහිපත් කර මගේ අවසාන මොහොතේදී පවා මට සතුටු විය හැකිය. සුනිල් මාධව පේ‍්‍රමතිලක නිතරම ලෙස්ලි ධර්මරත්න සමග ගැටුණි. හිටපු වතු පාලකවරයකු වූ ලෙස්ලි ධර්මරත්න දැඩිව වේගවත් තීන්දු තීරණ ගත් පාලකයෙකි. පුවත්පත ආරම්භ වී ටික කලකට පසු මෙහි සේවයට ආ ලක්‍ෂ්මන් පෙරේරා මහතා අද අප පුවත්පත් සමාගමේ මුදල් අධ්‍යක්‍ෂවරයා මෙන්ම මෙහි දීර්ඝ කාලීන අත්දැකීම් ඇත්තෙකි. ආයතනයේ ආරම්භක සභාපතිවරයකු වූයේ වෛi සීවලි රත්වත්තේ මහතාය. එතුමාගේ දියණිය වූ වර්තමාන සභාපතිනිය වන ලක්මණි වෙල්ගම මහත්මිය හතළිස් අවුරුද්දක් පුරා අප දැන සිටි එකම ‘ලොකු මැඩම්’ ය. මේ ආයතනයේ වර්තමාන කළමනාකර අධ්‍යක්ෂ වූ නිමල් වෙල්ගම මහතා සමග මගේ ජීවිතයෙන් හරි අඩක කාලයක් මම වැඩ කොට ඇත්තෙමි. වැඩිම කලක් මගේ ජීවිතයට සම්බන්ධව සිටි ප‍්‍රධානියා ද ඔහුය. ඉතා දුෂ්කර කාලවලදී මේ ආයතනය ගලවා

ගැනීමටත් පවත්වාගෙන යෑමටත් ඔහු විශාල ධනස්කන්ධයක් මෙන්ම සුවිශාල කැප කිරීමක්ද කළ බව අපි දනිමු. අදටත් ඔහු ඒ ප‍්‍රයත්නයෙහිම ඒ ආකාරයේම යෙදී සිටී. දිවයින දැන් සිටින්නේ වඩාත් තාක්‍ෂණශීලී වූ :ඔැජයබද ී්ඩහ) අලූත් පරම්පරාවත් සමගය. එහි නායකත්වය සඳහා නිමල් වෙල්ගම මහතා සහ ලක්මණි වෙල්ගම මහත්මියගේ දියණිය වූ කරිෂ්මා වෙල්ගම මෙනවිය පසුගියදා අප සමග එක්වූවාය. මේ ගතවන්නේ පත්තරවලට පැවතීමට අපහසු ඩිජිටල් යුගයේ 5ඨ අවස්ථාවය. මේ මොහොතේ ඉදිරි අභියෝග දිනා දීමට කරිෂ්මා වෙල්ගම මෙනවියට විශාල වැඩ කොටසක් භාර වී තිබේ.

අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment