දිවිනසා ගැනීම වළක්වාලන මෝහන ප්‍රතිකාර

62

වර්තමානයේ දිවිනසා ගත් පුද්ගලයන් දෙස අවධානය යොමු කළ විට ඉන් හරිඅඩකටම බලපා තිබුණේ අමනුෂ්‍ය බලපෑම්ය. මෙම අමනුෂ්‍ය බලපෑම් යනු තම සමීප ඥාතීන්ගේ බලපෑම්ම නොවේ.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධීන් කිහිපයක් වාර්තා විය. එනම් පාසල් වියේ පසුවන තරුණ දරුවන් කිහිප දෙනෙකු දිවිනසා ගැනීමය. ඉන් දරුවන් තිදෙනෙක් මහල්වලින් පැන දිවි නසාගෙන තිබුණි. ඊට අමතරව තවත් දරුවන් ඖෂධ අධි මාත්‍රා භාවිත කර ගෙල වැලලාගෙන ආදී ලෙසින් තම දිවි නසාගෙන තිබුණි.

මෙවැනි සිද්ධීන් හමුවේ ඇතැම් මනෝ වෛද්‍යවරුන් පවසන්නේ මේ සඳහා බලපා ඇත්තේ මානසික අවපීඩනය, විශාදය ආදී තත්ත්වයනට දරුවන් පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස දිවි නසාගෙන ඇති බවය.

දිවිනසා ගැනීමට බලපාන මානසික බලපෑම්

වර්තමානයේ දිවිනසා ගත් පුද්ගලයන් දෙස අවධානය යොමු කළ විට ඉන් හරිඅඩකටම බලපා තිබුණේ අමනුෂ්‍ය බලපෑම්ය. මෙම අමනුෂ්‍ය බලපෑම් යනු තම සමීප ඥාතීන්ගේ බලපෑම්ම නොවේ. අප සෑම පුද්ගලයකුම වර්තමානයේ මිනිස් ආත්ම ලැබ ඉපදීමට පෙර සංසාරයේ ආත්ම රැසක උත්පත්තිය ලබා ඇත. එම ආත්මවලදී අප අතින් යම් අකුසල කර්මයක් සිදුවී නම් එය සංසාරයේ අප පසුපස පැමිණෙනු ඇත.

ඒ අනුව අපට දිවිනසා ගැනීමේ සිතුවිලි ඇති කිරීමට එම ආත්මවල ආත්ම බලපායි.

අප වෙත පැමිණි එක් පාසල් ශිෂ්‍යාවක පැවසුවේ තමාට නිතර දිවිනසා ගැනීමේ සිතුවිලි පහළවන බවය. ඇය සමඟ සාකච්ඡා කර මෝහන ප්‍රතිකාරය සඳහා යොමු කළ විට ඇයගෙන් හෙළි වූයේ මීට පෙර ආත්මයකදී ඇය දිවි නසාගෙන ඇති බවය. එම ආත්මයේ අමනුෂ්‍ය බලපෑම ඇය පසුපස පැමිණ ඇති අතර මෙම ආත්මයේදී ද ඇයට දිවිනසා ගැනීමට බලපෑම් කරයි. ඒ සඳහා ඇයට ඊට හේතුවන සිද්ධීන් නිර්මාණය කරනු ලබයි. එනම් නිවසේ දෙමාපියන් සමඟ විරසක ඇති කරනු ලබයි. තම හිතමිතුරන් ගැන නිතර සැකය ඇති කරවනු ලබයි. තමා ගැන කලකිරීම් ඇති කරවනු ලබන සිතුවිලි පහළ කරවනු ලබයි.

එහිදී අප ඇය පසුපස පැමිණි ඇයගේම පෙර ආත්ම අමනුෂ්‍ය බලපෑම ඇයගෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.

එහිදී ඇය ආගම දහමට නැඹුරු කර කුසල් සිතුවිලි පහළ කර කුසල් වැඩීමට යොමුකර වන ලදී. ඇය පසුපස පැමිණි අමනුෂ්‍ය ආත්මය ඉවත් කිරීම සඳහා කටයුතු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර මඟින් සිදු කරන ලදී.

වර්තමානයේ බොහෝ දෙනා මෙවැනි අවස්ථාවන්හිදී රුපියල් ලක්ෂ ගණන් වැයකර බලිතොවිල් කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට යොමුවෙති. ඒවායින් ලැබෙන ප්‍රතිඵල අඩුය.

අප නිවැරදිව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සහ මෝහන ප්‍රතිකාර සිදු කළහොත් මෙවැනි බලපෑම් ඉතා පහසුවෙන් ඉවත් කළ හැකිය.

එනිසා වර්තමානයේ බොහෝ තරුණ දරුවනට මතුවන දිවිනසා ගැනීමේ සිතුවිලි සහ ඊට බලපාන සිද්ධීන් මුල් අවස්ථාවේදීම හඳුනාගත් වහාම නිවැරදි මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ මෝහන ප්‍රතිකාරවලට යොමුවීමෙන් ඔවුනගේ ජීවිත අකාලයේ අහිමිවීමේ අවස්ථා මඟහරවා ගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0773855910 හෝ 0714166190 ඇමැතිය හැකිය.

දිවිනසා ගැනීම වළක්වාලන මෝහන ප්‍රතිකාර

බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ
සංගමයේ සභාපති
මනෝ වෛද්‍ය උපදේශක
වෛද්‍ය ගුණසේකර මුදලිගේ
සංස්කරණය – උපාලි ද සේරම්


advertistmentadvertistment