දිස්ත්‍රික්ක 10කට අද හොඳටම රස්නෙයි

222

අද (02දා) දිනයේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 10ක පදිංචිව සිටින ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ.

එම දෙපාර්තමේන්තුව මෙලෙස අනතුරු අඟවා ඇත්තේ මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පදිංචි ජනතාවටය. ඒ ගැන විශේෂයෙන් අවධානය යොමුකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම කාලයේදී ජලය වැඩියෙන් පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම, කුඩා දරුවන් තනිවම වාහනවල රඳවා නොතැබීම වැනි ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මේ අතර අද (02 දා) දිනයේ කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර


advertistmentadvertistment