දීපවාලි උත්සවයට දැල්වූ ගිනිකෙළිවලින් දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට

164

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ වැසියන් විසින් ගිනි කෙළි දැල්වීමේ තහනම නොතකමින් දීපවාලි උත්සවය සැමරීම සඳහා පෙරේදා (04දා * රාත‍්‍රියේ ගිණි කෙළි දැල්වීම හේතුවෙන් ඊයේ (05දා * උදෑසන වන විට නගරයේ වායු දූෂණය බරපතළ ලෙස වැඩි වී තිබු බව වාර්තා වේ. දැනටමත් ලොව පිහිටි වායු ¥ෂණය දරුණුම මට්ටමේ පවතින නගරයක් සේ සැළකෙන දිල්ලි නගරයේ වැසියන් විශාල පිරිසක් පවතින කොරෝනා අවදානම් තත්ත්වය හා ගිනි කෙළි තහනම් කිරීමේ නීතිය නොතකමින් පෙරේදා රාත‍්‍රියේ විශාල වශයෙන් ගිනි කෙළි දල්වා දීපවාලි උත්සවය සමරා ඇති බව වාර්තා වී තිබේ.

 දීපවාලි උත්සවය සැමරීම සඳහා දල්වන ලද ගිණි කෙළි හේතුවෙන් ඊයේ දිනයේ දිල්ලි නගරය වායු දූෂකයන්ගෙන් සැදුම්ලත් ඝන මීදුම් පටලයකින් වැසී ගොස් තිබූ අතර බොහෝ නගරවැසියන් විසින් උගුර කැසීම, ඇස්වලින් කඳුළු ගැලීම වැනි රෝග තත්ත්වයන් පිළිබඳව පැමිණිලි කර තිබිණි. ඝණ මීදුම් පටලය හේතුවෙන් රියදුරන්ට සිය වාහන නිසි පරිදි හැසිරවීමට නොහැකි වී තිබු අතර අධි වේගී මාර්ගයන්හි හටගත් මෝටර් රථ අනතුරු 06ක් පිළිබඳව ඊයේ දිනයේ වාර්තා වී තිබිණි. දීපවාලි උත්සවය වෙනුවෙන් විශාල වශයෙන් ගිණි කෙළි දල්වා තිබු දිල්ලි නගරයේ බොහෝ ප‍්‍රදේශවල ඊයේ දිනය වන විට වායු ගෝලයේ පැවති කුඩා වායු ¥ෂක අංශු ප‍්‍රමාණය දරුණු මට්ටම සේ සැළකෙන 500 ට ආසන්න මට්ටමේ පැවති බව වාර්තා වී තිබේ. දිල්ලි නගරය දැනටමත් ලොව පවතින වායු දූෂණයෙන් අධිකතම අගනුවර සේ සැළකේ. වාහනවලින් හා කර්මාන්තශාලා මගින් පිටවන අපද්‍රව්‍යවලින්ද , දුවිලි , කාලගුණ රටාව හා අසල්වාසී ප‍්‍රාන්තවල ගොවීන් විසින් සිය ගොවිපලවල පවතින අතිරික්ත අස්වැන්න ගිනි තැබීම නිසා පැතිරෙන දුමාරය දිල්ලි නගරයේ වායු දූෂණයට ප‍්‍රධාන වශයෙන් හේතු වන බව අනාවරණය වී තිබේ.


advertistmentadvertistment