ආණ්ඩුව ඇතුළේ කතාවක්
අරගල සමයේදී ගිනි තැබුණු මැති ඇමැතිවරුන්ගේ දේපළ සඳහා ලබාගෙන ඇති අධික වන්දි මුදල් යළි අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමුකර ඇති බව ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියා සිටී.
එම වන්දි ලබාගැනීමේදී සිදු කෙරුණු තක්සේරු කිරීම් නිවැරදි ලෙස සිදුවී ඇති ද සහ එවැනි විශාල වන්දි අයථා ලෙස ලබාගෙන ඇද්ද යන්න සොයා බැලිය යුතු බවට ආණ්ඩුව තුළ සාකච්ඡා වෙන බව ද ඉහත ආරංචිමාර්ග කීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නැවත කරුණු සොයා බැලීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව ද ඉහත ආරංචිමාර්ග කියා සිටියේය.
අකිත පෙරේරා