දීමනා නිදහසෙන් බදු ඉලක්කය පුස්සක් වෙලා

114

පුද්ගල ආදායම මත බදු අයකර ගැනීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ලබාගන්නා වැටුපට අමතරව හිමිකම් කියන විවිධ දීමනා බද්දට යටත් නොවන නිසා අපේක්‍ෂිත පරිදි රුපියල් බිලියන 100 (කෝටි 10,000) ක බදු ආදායම සපුරාගත නොහැකි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

මීට අමතරව බොහෝ උසස් රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනවාරි මසදී අයකරගත් පුද්ගල ආදායම් බද්ද සැලකීමේදී නිසි ගණන් හිලව් සඟවා බදු කපා හැර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද හෙතෙම කීය.

ප්‍රසම්පාදන කමිටු රැස්වීමට සහභාගී වන ඇතැම් නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ පහේ සිට ලක්‍ෂ දහය හෝ ඊටත් වඩා ගෙවීම් සිදුකළත් එම ආදායම් වවුචර් මගින් ගෙවන නිසා පුද්ගල ආදායමට එය ඇතුළත් නොවන බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment