ගාල්ල බෝපේ සිට වැකුණගොඩ දක්වා තිබෙන දුම්රිය හරස් මාර්ගයේදී සුඛෝපභෝගී ජීප් රථයක් දුම්රියක ගැටෙන අයුරු සමාජ මාධ්‍යවලට දුම්රිය සහ වාහන සම්බන්ධයෙන් වීඩියෝ සපයන තරුණයකු විසින් වීඩියෝ ගත කර ඇත.

අනතුර වෙන අවස්ථාවේදී ජීප් රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහු සුළු තුවාල සහ කම්පන තත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය කියයි. ඔහුගේ ජීවිතය බේරීම හාස්කමකින් සිදුවූවක් බව ප‍්‍රදේශවාසීහු පවසති. බෙලිඅත්ත සිට කොළඹ බලා නවීකරණ කටයුත්තක් සඳහා ධාවනය වන දුම්රියේ මෙම ජීප් රථය ගැටී ඇති අතර එම අවස්ථාවේදී දුම්රියේ මාර්ගයේ අනතුරු අඟවන සංඥාද නාදවී ඇති බව පොලිසිය කියයි. අනතුරත් සමග දුම්රිය එම ස්ථානයට නතර කර සුළු වේලාවකදී නැවත ගමන් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇත. ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ, අහංගම සුගතපාල දියගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්