දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලූ අබලි ද්‍රව්‍ය මාස තුනක් තුළ අලෙවි කරන්න- ඇමැතිනි පවිත‍්‍රා උපදෙස් දෙයි

129

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලූම අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුළත නිසි ටෙන්ඩර් ක‍්‍රමවේදයන්ට අනුව අලෙවි කිරීමට කටයුතු කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට ඊයේ (26දා) දින උපදෙස් දුන්නාය.

අමාත්‍යවරිය ඊයේ පෙරවරුවේ දෙමටගොඩ පිහිටි දුම්රිය යාන්ත‍්‍රික ඉංජිනේරු අංගනයට පැමිණි අවස්ථාවේදී සාමාන්‍යාධිකාරිවරයාට මෙම උපදෙස් ලබාදුන්නාය. මෙවැනි අබිලි ද්‍රව්‍ය මෙට්‍්‍රක් ටොන් 7000ක් පමණ දෙපාර්තුමේන්තුවේ අංගනවල තිබෙන බවත්, මේවා අලෙවි කිරීම තුළින් 2022 වසරේ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700ක් පමණ උපයාගත හැකි බවත් අනාවරණය වේ.

මෙම නිරික්ෂණ චාරිකාවේදි දෙමටගොඩ යාන්ත‍්‍රික ඉංජිනේරු අංගනයේ සේවයේ නියුතු කාර්මිකයින්ට, සේවකයින්ට, පවතින ගැටලූ පිළිබඳව අමාත්‍යවරිය ඔවුන්ගෙන් කරුණු විමසන ලදි. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, විවේකාගාර පහසුකම්, ආපනශාලා පහසුකම්, කඩිනමින් ලබාදීටම කටයුතු කරන ලෙසට දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාට උපදෙස් ලබා දුන්නාය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා අතුළු නිලධාරි පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment