ප්රධාන දුම්රිය මාර්ගයේ ඇතිවූ සංඥා දෝෂ හේතුවෙන් අද (01) උදෑසන සිට තිබූ දුම්රිය ප‍්‍රමාදය යථා තත්ත්වයට පත්කර තිබේ.
අද උදෑසන දෙමටගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා දෝෂයක් හට ගැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබුණි.
ඊට හේතුව වී ඇත්තේ කැළණිය දුම්රිය ආසන්නයේ ඇති සංඥා රැහැන් කිසියම් පිරිසක් විසින් කපා ගෙන යාම හේතුවෙනි.